පුවත්

බන්ධනාගාර රැඳවියන්ට අවුරුද්දට විශේෂ අවස්ථාවක්

Published

on

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අද (13) සිට දින 03ක් පුරාවට බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් හා මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

ඒ අනුව, රැඳවියන් බැලීමට පැමිණෙන ඥාතීන් විසින් එක් අයෙකුට ප්‍රමාණවත් වන පරිදි ආහාර පාර්සලයක් හා රසකැවිලි රැගෙනවිත් භාරදීමට අවස්ථාව ඇත.

තවද, සියලුම බන්ධනාගාර තුළ රැඳවියන් සඳහා අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමටද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

Trending

Exit mobile version