බන්ධනගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් මේ මස 16 වැනිදා ලබා දී තිබේ.
වාර්ෂික බන්ධනාගාර දිනය හේතුවෙන් මෙම තීරණය ගත් බව, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා ප්‍රකාශ කලේය.
එදින රැඳවියන්ගේ ඥාතීන් රැගෙන එන ආහාර සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය එක රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි දීමට අවස්ථාව හිමි වනු ඇත.
සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙනන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාරවල ක්‍රියාත්මක වන බව ගාමිණි බී. දිසානායක මහතා කියා සිටියේය.