හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාරසිරි රත්නායක මහතා විසින් පදවමින් සිටි කැබ් රථයට රිංගූ බඹරෙකු එළවීමට උත්සාහ කිරීමේදී එම රථය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන් ඉවතට ගොස් අනතුරක් සිදුව තිබේ.
මොනරාගල බිබිල මාර්ගයේ නක්කලවත්ත ප්‍රදේශයේදී පෙරේදා (29) සිදු වූ මෙම අනතුරින් හිටපු මන්ත්‍රිවරයාට කිසිදු තුවාලයක් සිදුවී නොමැති බව මොනරාගල පොලිසිය පවසයි.
හිටපු මන්ත්‍රිවරයා පදවමින් සිටි කැබ් රියට එක්වරම ඇතුළු වූ බඹරා එළවීමට උත්සාහ කිරීමේදී කැබ්රථය පාලනයකර ගැනීමට නොහැකිව පාරෙන් ඉවතට ගොස් මාර්ගය අයිනේ පස් කණ්ඩියක ගැටී පෙරළී ඇත.
සිද්ධියෙන් කැබ්රථයට හානි සිදුවී ඇති අතර මොනරාගල පොලිසිය පරීක්ෂණ පවත්වයි.