එළැඹෙන ජනාධිපතිවරණය ට තමා තරග නොකරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
තම පක්ෂයේ සහ රටේ.යහපත ගැන සිතා තමා එම තීරණය ගත් බව බයිඩන් පැවසීය.
අමෙරිකානු ජනාධිපතිවරණය එළැඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වෙයි.
අමෙරිකානු ජනාධිපති වරයා සිය තීරණය නිවේදනය කර ඇත්තේ සිය සමාජ මාධ්‍ය ඔස්සේය.
බයිඩන් යනු ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වුණු වයස්ගතම පුද්ගලයාය.
බයිඩන්ට ඔහුගේ වයස හරස් වුණු අතර, කතා කරද්දී සහ තීන්දු තීරණ ගැනීමේදී එය නිවැරදිව සහ ක්ෂණිකව කළ නොහැකි වී ඇත.
ජනාධිපති ධුර සටනින් ඉවත් වෙන්නැයි බයිඩන්ට ඔහුගේ ඩිමොක්‍රටික් පක්ෂය තුළින්ම විරෝධයක් නැගුණි.
තමන් කිසිම අවස්ථාවක ජනාධිපති සටනින් ඉවත් නොවන බව පැවැසූ බයිඩන්, අවසානයේ ඉවත් වීමට තීරණය කළේ පක්ෂය තුළින් දිගින් දිගටම එල්ල වුණු එම විරෝධය සැලකිල්ලට ගනිමිනි.
හිටපු ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා පවසා ඇත්තේ බයිඩන් නිවැරදි තීරණය ගත් බවත් දැන් ඔහු ගෞරවණීය ලෙස ජනාධිපති ධුරයෙන් සමුගනු ඇති බවත්ය.
මේ අතර, බයිඩන් නව ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස වත්මන් උප සභාපතිනිය වන කමලා හැරිස් නම්කර ඇතැයිද පැවසේ.