පුවත්

බල්ලෙකුට වෙඩි තැබු විශ්‍රාමික කපිතාන් අත්අඩංගුවට

Published

on

අසල්වැසි නිවසේ සුරතලයට ඇති කළ සුනඛයාට වායු රයිෆලයකින් වෙඩි තබා මරා දැමූ බව පැවසෙන විශ්‍රාමික යුද හමුදා කපිතාන්වරයෙක් කඳාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (29) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සුනඛයාට වෙඩි තැබීමට යොදා ගත් එම වායු රයිෆලය ද පොලිසිය සිය බාරයට ගෙන ඇත.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කඳාන ප්‍රදේශයේ පදිංචි 55 හැවිරැදි විශ්‍රාමික යුද හමුදා කපිතාන්වරයෙකි.

සුනඛයාගේ අයිතිකරුවන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා මෙම විශ්‍රාමික යුද හමුදා කපිතාන්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සුනඛයා සැකකරුගේ නිවස ඉදිරිපිට මාර්ගයේ ලේ පෙරාගෙන වැටී සිටිය දී හමුවී තිබුණි.

මෙම සුනඛයා රෑට නිතර නිවෙස ඉදිරිපිට ඇති මාර්ගයට පැමිණ බුරන හෙයින් නිදා ගැනීමටවත් නොහැකි බව පවසමින් මෙසේ වෙඩි තබා මරා දමා ඇති බව විමර්ශනවලදී තොරතුරු හෙළිවි තිබේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Trending

Exit mobile version