රාජ්‍ය බැංකු විකිණීමට එරෙහිව හෙට (02) බස්නාහිර පළාත තුළ සේවය කරන සියලුම රාජ්‍ය බැංකු නිලධාරීන් විහාරමහදේවී උද්‍යානයට පැමිණ විරෝධතාවක් පවත්වා ජනතාව දැනුවත් කිරීමට නියමිතව ඇතැයි ලංකා බැංකු සේවක සංගමය කියා සිටී.
එම සංගමයේ සභාපති චන්න දිසානායක මහතා පවසන්නේ ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස්වලින් සියයට 20ක් විකිණීමට රජය තීරණය කර ඇති බවයි.
පාඩු ලබන ආයතනයන් කියමින් ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීම් ආරම්භ කර ඇති බවත් පසුගිය වසරේදී ලංකා බැංකුව බිලියන 30ක්ද මහජන බැංකුව බිලියන 20ක්ද වශයෙන් ලාභ ලබා ඇති බවත් ඔහු කියා සිටී.
මේ වසර තුළදී මෙම බැංකු දෙක රුපියල් බිලියන 20කට වැඩි ප්‍රමාණයක් ආණ්ඩුවට බදු ගෙවා ඇතැයිද චන්න මහතා සඳහන් කරයි.
ඊට අමතරව මෙතෙක් කලක් බුක්ති විඳි සාමුහික ගිවිසුම් ආණ්ඩුව තහනම් කර ඇතැයිද පැවසේ.