Connect with us

පුවත්

බස් ගාස්තු වෙනසක් නෑ

Published

on

රුපියල් 12කින් ඩීසල් මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මෙම අදහස් පළ කළේය.

“බස් ගාස්තු අඩුකිරීමට මේ වෙලාවේ හැකියාවක් නෑ. ජනතාව අවබෝධ කරගත යුතුයි මිල සුත්‍රයේ වසර 20ක් පුරා ඉන්නවා. ඊට පටහැනිව අපි කටයුතු කරලා නෑ. ඒ නිසා අපිට මේ වෙලාවේ දී කවුරුත් බලාපොරොත්තු වෙන්න එපා රු 12ක් අඩු කරා ඒ කියලා ගාස්තු අඩුකරන්න ඕනේ කියලා. එහෙම අඩු කරන්න හැකියාවක් නෑ. අපි ඉන්න ප්‍රතිශතාත්මක ගණනය කිරීම තුළ මොකද අපිට සියයට 4ක ප්‍රතිශතයක් ඇවිත් නෑ. මේ පිළිබඳ අවධානය යොමු කරන්න පුළුවන් ජූලි මාසයේ සිදුවන වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේ දී. මේ මාසයේ බස් ගාස්තු අඩු කරන්න නෛතික හැකියාවක් නෑ.”

බස් ගාස්තුව සඳහා ඉන්ධන මිල පමණක් බලනොපන බවත් සෙසු සියලු වියදම් ඉහළ ගොස් ඇතැයි ද පැවසු ගැමුණු විජේරත්න මහතා, බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට නම් ඩීසල් මිල රු 25 – 30 ක් අතර ප්‍රමාණයකින් අඩු විය යුතු බවත් පැවසීය.

මේ අතර, මෙවර මැයි රැළි සඳහා බස් ඉල්ලුම් කර නොමැති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

පුවත්

සබරගමු සරසවියේ 4ක් අත්අඩංගුවට

Published

on

By

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ සිසුවෙකු සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් බව පොලීසිය පවසයි.

Continue Reading

පුවත්

කළුතර සජබ මහ නගර සභා අපෙක්ෂක බන්දුල ප්‍රසන්නට වෙඩි තබයි

Published

on

By

කළුතර මහ නගර සභාවට සමගි ජන බලවේගයෙන් තරගවදින අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.

කළුතර නාගොඩ ගම් සභා පාරේ ඔහුගේ නිවස ඉදිරිපිටදී වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය කියයි.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩිතැබීම සිදුකර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය කීය.

යතුරු පැදිකරුවන් දෙදෙනා වෙඩිතැබීම සිදුකර කළුතර – බෝම්ඹුවල මාර්ගය දෙසට පලාගොස් ඇති බව පරීක්ෂණ වලදී හෙලිව තිබේ.

තුවාල ලැබූ අපේක්ෂකයා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

Continue Reading

පුවත්

“McOcean” නම සහ ප්‍රමිති ලාංඡනය ව්‍යාජ ලෙස යොදා ටින් මාළු සැකසූ තැනක් වටලයි (ඡායා)

Published

on

By

“McOcean” නම සහ ප්‍රමිති ලාංඡනය ව්‍යාජ ලෙස යොදා පාරිභෝගිකයන් නොමඟ යවමින් ටින්මාළු නිෂ්පාදනය කළ ස්ථානයක් වටලයි.

පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය වෙත ලද පැමිණිල්ලකට අනුව ඊයේ (03)  මීගමුව, තලාහේන, දූන්ගල්පිටිය ප්‍රදේශයේ ව්‍යාජ ලෙස “McOcean” නම සහ ප්‍රමිති ලාංඡනය ව්‍යාජ ලෙස යොදා ටින්මාළු නිශ්පාදනය කරමින් තිබු ස්ථානයක් වටලා තිබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කරනු ලැබූ ප්‍රමිති සහතිකය (SLS 591) හා නිෂ්පාදන ආයතන නාමය වන “McOcean” යන නම ව්‍යාජ ලෙස යොදා ගනිමින් අපිරිසිදු හා අවිධිමත් ලෙස මෙම ටින්මාළු නිශ්පාදනය හා ඇසුරුම් කිරීම සිදුකොට ඇති බව අදාළ වැටලීමේදී අනාවරණය කරගෙන ඇත.

වැටලීමේදී ව්‍යාජ ලෙස නිශ්පාදනය කර වෙලදපලට නිකුත්කිරිමට සුදානම්කර තිබු ප්‍රමිතියෙන් තොර ටින්මාළු (එකක ශුද්ධ බර ග්‍රෑම් 425සහිත) ඇසුරුම් 700 කට ආසන්න ප්‍රමාණයක් හා එම තොගය ප්‍රවාහනයට සූදානම් කර තිබූ ලොරි රථයක් ද නිලධාරින් භාරයට ගෙන තිබේ.

එසේම, පසුගිය මාස දෙකක පමණ කාලය තුළ ගම්පහ ඇතුළු අවට ප්‍රදේශවලට මෙම ස්ථානයෙන් නිෂ්පාදනය කරනු ලැබූ ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන බෙදාහැර ඇති බවට ද වැටලීමට අදාල මුලික විමර්ෂනවලදි අනාවරණය වී ඇත.

මේ සම්බන්ධව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන අතර ඉදිරියේදි එම විමර්ශනවලින් පසුව අදාල පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved