Connect with us

පුවත්

බස් ගාස්තු වෙනසක් නෑ

Published

on

රුපියල් 12කින් ඩීසල් මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මෙම අදහස් පළ කළේය.

“බස් ගාස්තු අඩුකිරීමට මේ වෙලාවේ හැකියාවක් නෑ. ජනතාව අවබෝධ කරගත යුතුයි මිල සුත්‍රයේ වසර 20ක් පුරා ඉන්නවා. ඊට පටහැනිව අපි කටයුතු කරලා නෑ. ඒ නිසා අපිට මේ වෙලාවේ දී කවුරුත් බලාපොරොත්තු වෙන්න එපා රු 12ක් අඩු කරා ඒ කියලා ගාස්තු අඩුකරන්න ඕනේ කියලා. එහෙම අඩු කරන්න හැකියාවක් නෑ. අපි ඉන්න ප්‍රතිශතාත්මක ගණනය කිරීම තුළ මොකද අපිට සියයට 4ක ප්‍රතිශතයක් ඇවිත් නෑ. මේ පිළිබඳ අවධානය යොමු කරන්න පුළුවන් ජූලි මාසයේ සිදුවන වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේ දී. මේ මාසයේ බස් ගාස්තු අඩු කරන්න නෛතික හැකියාවක් නෑ.”

බස් ගාස්තුව සඳහා ඉන්ධන මිල පමණක් බලනොපන බවත් සෙසු සියලු වියදම් ඉහළ ගොස් ඇතැයි ද පැවසු ගැමුණු විජේරත්න මහතා, බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට නම් ඩීසල් මිල රු 25 – 30 ක් අතර ප්‍රමාණයකින් අඩු විය යුතු බවත් පැවසීය.

මේ අතර, මෙවර මැයි රැළි සඳහා බස් ඉල්ලුම් කර නොමැති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

පුවත්

රැග් එක ගැන සාකච්ඡාවකට සියලු උපකුලපතිවරු UGCයට

Published

on

By

නවකවදය ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්, අද(05) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට කැඳවා තිබේ.

මේ අතර, නවක වදයට දිගු කාලීන විසඳුම් සෙවීම වෙනුවෙන් අගමැතිනි හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමක් සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයද දිවයිනේ උපකුලපතිවරුන් කොළඹට කැඳවා ඇති බව වාර්තා වේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන්ට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන්, අද(05) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අදාළ සිසුන් ඊයේ (04) අත්අඩංගුවට ගන්නා ලදී..

පොලීසිය සඳහන් කළේ, එම සිසුන්, සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන බවය.

පසුගිය 29 වැනිදා සමනලවැව පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනවලදී ඔවුන් අත්අඩංගුවට ගැනීම සිදුවිය.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාවේ ආයෝජනයට වියට්නාම වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරයුම්

Published

on

By

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (04) පස්වරුවේ වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වීය.

වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාර මූලස්ථානයේ පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් සහ සංචාරක ක්ෂේත්‍රයන්හි ආයෝජන සිදු කරන ලෙස ජනාධිපතිවරයා  වින්ගෲප් සමූහයට ආරාධනා කළේය.

වින්ගෲප් සමාගමේ සාර්ථකත්වය සහ විවිධාංගීකරණය වූ ගෝලීය සන්නාමයන් ගොඩනැගීම වෙනුවෙන් සුබ පැතුම් එක් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ශ්‍රී ලංකාව තුළ ආයෝජන සඳහා නම්‍යශීලී හා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා රජය සූදානම් බව අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ විශේෂයෙන් සංචාරක හා දේපළ වෙළඳාම් වැනි ඉහළ විභවයක් ඇති අංශවල විදේශීය ආයෝජකයින්ට හිතකර පරිසරයක් ඇති කිරීම සඳහා රජයේ කැපවීම ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ටෙක්නොකොම් කෝපරේෂන් (Technocom Corporation) ලෙස හැඳින් වූ වින්ගෲප් ඒකාබද්ධ කොටස් සමාගම (Vingroup JSC) 1993 වසරේදී යුක්රේනයේ ආරම්භ කරන ලදී. වර්තමානය වන විට, වින්ගෲප් නාමය වියට්නාමයේ විශාලතම සහ වඩාත්ම ගෞරවනීය පෞද්ගලික ව්‍යවසායන්ගෙන් එකකි.  

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ උප සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වින් වීඑට් ක්වැන්ග් (Nguyen Viet Quang) යන මහත්වරු සහ දෙරටේ නියෝජිතයෝ මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

Continue Reading

පුවත්

‘මාධ්‍යවේදීන්ට හිමි වරප්‍රසාද රාජ්‍ය නිලධාරීන් කොල්ලකාලා’

Published

on

By

රජයේ නිලධාරීන් හා ජනමාධ්‍ය හැඳුනුම්පත හොර පාරෙන් ලබාගත් පිරිසක් විසින් පසුගිය කාල සීමාව පුරා ජනමාධ්‍යවේදීන්ට ලැබිය යුතු ශිෂ්‍යත්ව, විදේශ සංචාර හා රක්ෂණාවරණ  තමන් වෙත ලබාගෙන ඇතිබව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

රජයේ මාධ්‍ය හැඳුනුම්පත ලබා දීම සඳහා ප්‍රමිතිගත නිර්ණායක ඉදිරිපත් කළ පසු ගිය වසරට සාපේක්ෂව අයැදුම්පත් සංඛ්‍යාව 3,500කින් පමණ අඩු වීමෙන් මේ කරුණ පැහැදිලි වන්නේ යැයි ද අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබේ.

රජයේ මාධ්‍ය හැඳුනුම්පත කලක් තිස්සේ ශිෂ්‍යත්ව හා රක්ෂණාවරණ ආදී වරප්‍රසාද ලබා ගැනීම සඳහා අවභාවිත වී ඇතැයිද එසේ සුදුසුකම් නොමැතිව කලක් තිස්සේ හැඳුනුම්පත් ලබා ගත් පිරිස මෙම නිර්ණායක හඳුන්වා දීමෙන් පසු අඩුවන්නට ඇති බවට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කරන්නේ යැයි ද හෙතේම අවධාරණය කර ඇත.

2025 වසරට ද වලංගු වන සේ ලබාදුන් මාධ්‍ය හැඳුනුම්පත් 685ක් හැරුණු විට 2024 වසරේ දෙසැම්බර් 31 වන දායින් අවලංගු වූ මාධ්‍ය හැඳුනුම්පත් සංඛ්‍යාව 7,300ක් වන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා  සඳහන් කර තිබේ

නව නිර්ණායක අනුව අමාත්‍යාංශවල පෞද්ගලික කාර්ය මණ්ඩලවලට හා රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලවලටද මාධ්‍ය හැඳුනුම්පත් ලබා දුන්නේ නැතැයි කී හෙතෙම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ට හා අමාත්‍යාංශවල මාධ්‍ය ලේකම්වරුන්ට මෙතෙක් කලක් මාධ්‍ය පරිපාලක වශයෙන් දුන් හැඳුනුම්පතද මේ වසරේ නිකුත් නොකළේ යැයි පවසා තිබේ.

මෙසේ ප්‍රමිතිගත නිර්ණායක හඳුන්වා දුන්නේ ද මාධ්‍යවේදීන් සමග කළ සාකච්ඡාවලින් පසුව බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇත.

තොරතුරු එකතු කිරීමේ හා දැනුම් දීමේ කාර්යයේ නිරත පිරිස්වලට මාධ්‍ය හැඳුනුම්පත ලබා දීම සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇතැයි ද එම තත්ත්වයන්ට අදාළව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මානව හිමිකම් කොමිෂන් සභාවට කළ පැමිණිල්ලක් දැනට විභාග වෙමින් ඇතැයි ද ඔහු සඳහන් කර තිබේ.

මානව හිමිකම් කොමිෂන් සභාව ඊට අදාළව දෙන නිර්දේශ අනුව දැනට පවතින නිර්ණායක සරල කිරීමට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සූදානම් බව ත් එසේ අලුතින් නිකුත් කරන මාධ්‍ය හැඳුනුම්පත්ද එකතු වූ විට උපරිමය 5000ක් පමණ වීමට ඉඩ ඇති බව ත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරට ත් පවසා තිබේ.

මූලාශ්‍රය  – මව්බිම

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved