පුවත්

බස් රථ ආසන වෙන් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Published

on

අලුත් අවුරුදු සමයේ මගීන් සඳහා බස් රථ ආසන වෙන් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

එය ලබන 21 වැනිදා දක්වා ක්‍රියාත්මක ය.

වැඩි මගීන් සංඛ්‍යාවක් බස් රථ මගින් සිය අවශ්‍යතා සපුරා ගැනීම හේතුවෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව එම තීරණය ගෙන ඇත.

ඊට අමතරව මගී සේවා අවසර පත්‍රයේ සඳහන් මාර්ගයේ බස් රථය, අඛණ්ඩව ධාවනය කරලීම අනිවාර්ය ය.

රියදුරුගේ සේවා කාලය, පැය 14 ඉක්මවන සෑම අවස්ථාවකම වෙනත් රියදුරෙකු ආදේශ කළ යුතු බව ද, ජාතික ගමනාගමන කොමිසම පවසයි.

අවුරුදු කාලසීමාවේ මගී ප්‍රවාහන බස් රථ, විශේෂ චාරිකා සඳහා යෙදවීම ද, තහනම් වේ.

Trending

Exit mobile version