බස් රථ සඳහා GPS හා CCTV සවි කිරීම විධිමත් කිරීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එමෙන්ම බස් රථ රියදුරන්ගේ ආසන පටි අනිවාර්ය කිරීම ඇතුළු තීරණ රැසක් පසුගිය දා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ගෙන ඇත.
එම සාකච්ඡාව සඳහා අමාත්‍ය බිමල් රත්නායක මහතා, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ පළාත් 9යට අදාළ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන් වල සභාපතිවරු සහභාගී වී තිබුණි.
එහිදී NTC,SLTB සහ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිවල නිලධාරීන් සමග සාකච්ඡාවෙන් අනතුරුව විශේෂ තීරණ රාශියකට එළඹෙණ ලදී.
- පුත්තලම මාර්ගයේ ඒකාබද්ධ කාල සටහන ඉක්මනින් ක්‍රියාත්මක කිරීම.
- සියලු බස් රථ තනි සංගමයක් යටතේ ධාවනය කර ලාභය බෙදාදීම යටතේ 138 බස් මාර්ගයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීම.
- බස් රථ සඳහා GPS හා CCTV සවි කිරීම විධිමත් කිරීම.
- විධිමත් ලෙස Online ticket booking සඳහා ක්‍රමවේදයක් (Digital අමාත්‍යාංශය සමග එක්ව) සැකසීම.
- බස් රථ වල රියදුරන්ගේ Random drug and Alcohol test සිදු කිරීම.
- Ticket machine මගින් නිකුත් කරන ටිකට් පත් අනිවාර්ය කිරීම(යම් කාලයක් ලබා දී)
- මගී ප්‍රවාහන බස් රථ සඳහා Specification සෑදීම.
- බස් රථ රියදුරන්ගේ ආසන පටි අනිවාර්ය කිරීම.
- නව බස් රථ සඳහා මාර්ග හදුනා ගැනීම.
- සියලුම බස් රථ වල වැරදි දැනුම් දීමට WhatsApp අංක ලබා දීම (NTC, SLTB සහ පළා 9 සඳහා) හා ඒවා බස් රථවල ප්‍රදර්ශනය කිරීම.
- මෙම තීරණ ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික වැඩකටයුතු කඩිනමින් සකසන ලෙස දැනුම් දුන් අමාත්‍යවරයා මේම තීරණ ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රගතිය නිතර සොයාබලන් ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබාදුනි.