පුවත්

බස් – වෑන් ගැටී බිහිසුණු අනතුරක්

Published

on

පෞද්ගලික බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අද (11) උදැසන 7.30ට පමණ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, දියගල ප්‍රදේශයේදී එම අනතුර සිදුව තිබුණි.

එම අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ, වෑන් රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් අයෙකි.

මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් සහ හැටන් සිට කොළඹ දක්වා ධාවනය වු වෑන් රථයක් එලෙස අනතුරට ලක්ව ඇත.

අධික වේගයෙන් ධාවනය වී ඇති වෑන් රථය ලිස්සාගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු පෞද්ගලික බස් රථයේ ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරෙන් වෑන් රථ රියදුරා සහ ඉදිරිපස අසුනේ සිටි තවත් අයෙකු සිර වී සිටි බවත්, බස් රථයේ ගමන් ගත් මගීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා වෑන් රථයේ දොර විවෘත කර තුවාලකරුවන් රෝහල වෙත යොමු කර ඇත.

අනතුරෙන් බස් රථයට සහ වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බව අප වාර්තාකරු පැවසීය.

ප්‍රදේශයේ පවතින වර්ෂාවත් සමග හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය ලිස්සන සුළු බැවින් එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදි සැලකිලිමත් වන ලෙස ගිනිගත්හේන පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Trending

Exit mobile version