පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ දී බස් රථ 2ක් ගැටීම හේතුවෙන් පාසල් සිසුන් 21 දෙනෙකු සහ ගුරැවරියක තුවාල ලබා ඇති බව වාර්තා වේ.
අද දින (15) සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූවන් පාදුක්ක රෝහලට ඇතුලත් කළ බව පාදුක්ක පොලිසිය පවසයි.
නාරම්මල මයුරපාද මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථ හයක් හෝමාගම පිටිපන නැනෝ තාක්ෂණික ආයතනයේ පැවැත්වෙන සම්මන්ත්‍රණයක් සදහා සහභාගී වීමට පැමිණෙන අතරතුර ඉදිරියෙන් පැමිණි බස් රථය වාහන තදබදයක් නිසාවෙන් තුන්නාන ප්‍රදේශයේ දී නැවැත්වූ අවස්ථාවේදී පිටුපසින් පැමිණි බස් රථය එහි ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් පසු පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කල සිසුන් 21දෙනාගෙන් 18 දෙනෙකුට සුලු තුවාල පමණක් සිදුව ඇති බවත් අනෙක් සිසුන් තිදෙනෙකු වැඩිදුර පරීක්ෂණ සදහා හෝමාගම මූලික රෝහල වෙත මාරැ කර යැවූ බවත් රෝහල් ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා තිබේ. ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවද වාර්තා වේ.
අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු පාදුක්ක පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.