බහරේන් රාජ්‍යයට ගමන් කරන විදෙස් ශ්‍රමිකයින්ට මෙනින්ගොකොකල් රෝගය ඇතිවීම වැළැක්වීම සඳහා Meningococcal vaccine එන්නත්කරණය අනිවාර්ය කර ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව, මෙය ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ටද අනිවාර්ය වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය, බහරේන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව බහරේන් රාජ්‍ය හා ගල්ෆ් සහයෝගිතා කවුන්සලයේ උපදෙස් මත ශ්‍රී ලාංකිකයින්ගේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.