ඊයේ (31) මාධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ ඩීසල් මිල ඉහළට යෑමට සාපේක්‍ෂව බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය තීරණය කර තිබේ.
එම සංගමය සඳහන් කළේ අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට 5%කින් බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දමන බවයි.
ඩීසල් ලීටරයක් රු. 35 කින් ඉහළ දැමීමෙන් බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ පිරිවැය විශාල ලෙස ඉහළ යන බවත් එම පිරිවැය ආවරණය කරගැනීම සඳහා මෙසේ ගාස්තු ඉහළ දැමූ බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.