Connect with us

පුවත්

බ්‍රසීලයෙන් ලංකාවට වෛද්‍ය සැපයුම් ද්‍රව්‍ය තොගයක්!

Published

on

බ්‍රසීලයේ ෆෙඩරල් ජනරජය බ්‍රසීල සහයෝගිතා නියෝජිතායතනය (ABC) හරහා සාමාන්‍ය මිනිස් ඉන්සියුලින් (Regular Human Insulin) සහිත කුඩා බෝතල් 10,000 ක් සහ පොලිප්‍රොපිලීන් තුඩු (Polypropylene Tips) මිලියන 08 ක් ඇතුළු වෛද්‍ය සැපයුම් ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඊයේ (17) කොළඹ විදේශ කටයුතු අමාත්‍යංශයේ දී ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපති සර්ජියෝ ලුයිස් කැනේස් මහතා හරහා මෙම වෛද්‍ය සැපයුම් ද්‍රව්‍ය තොගය භාරගත්තේය.

ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර පවත්නා දීර්ඝ කාලීන මිත්‍ර සබඳතා පිළිබඳව අවධාරණය කළ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා, මෙම පරිත්‍යාගය හරහා බ්‍රසීල රජය පළ කළ සුහදත්වය අගය කළේය.

 විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඕ.එල්. අමීර් අජ්වාඩ් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම පරිත්‍යාගය හා සබැඳි කටයුතු සම්බන්ධීකරණය කළේය.

පුවත්

607 දෙනෙකුට නීතිපතිගෙන් අධිචෝදනා!

Published

on

By

මේ වසරේ ජනවාරි සිට මැයි දක්වා ගතවූ මාස පහ තුළ නීතිපතිවරයා විසින් ප්‍රධාන පෙළේ දේශපාලනඥයන්, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු විවිධ තැනැත්තන් 607 දෙනකුට අධිචෝදනා මත මහාධිකරණයේ නඩු පවරා තිබේ.

මේ නඩු අතර හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලු‍ත්ගමගේ, නාමල් රාජපක්ෂ, නලින් ප්‍රනාන්දු, කෙහෙළිය රඹුක්වැල්ල, රවි කරුණානායක, යෝෂිත රාජපක්ෂ, ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් ද වන බව වාර්තා වේ. 

Continue Reading

පුවත්

දුන්හිඳ බස් අනතුරෙන් 03ක් මියයයි

Published

on

By

බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ හතරේ කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් අද (21) සවස 06ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

අනතුරෙන් පුද්ගලයන් 34 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, ඔවුන් බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා වේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තඹුත්තේගම සිට බදුල්ල දක්වා ගමන්කරමින් සිටි වන්දනාකරුවන් පිරිසකි. ඔවුන් තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පැවසේ.

බදුල්ල පොලීසිය අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.  දෙක ආසන්නයේ බස් රථයක් පෙරලී ගොස් තිබේ.

අනතුරින් පුද්ගලයින් 25කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

(ඡායාරූපය : Accident1st)

Continue Reading

ක්‍රීඩා

මැතිව්ස්, ටෙස්ට් පිටියට සමු දෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, ක්‍රීඩා ලෝලීන්ට ආචාරය දක්වමින් සිය ටෙස්ට් දිවියට අද (21) සමුදුන්නේය.

ඒ, සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේදී තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ මොමිනුල් හක් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

මෙම තරගය අද දිනයේදී ජය පරාජයෙන් තොරව අවසන් විය.

16 වසරක් පුරාවට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ මැතිව්ස්, ටෙස්ට් තරග 119කදී ඉනිම 211ක් ක්‍රීඩා කර තිබේ.

එහිදී ලකුණු 8,214ක් ලබා ගෙන ඇති ඔහු, ටෙස්ට් ශතක 16කට සහ අර්ධ ශතක 45ක් ලබාගැනීමටද සමත් වී තිබේ.

ඊට අමතරව ඔහු විසින් ටෙස්ට් කඩුලු 33ක්ද දවා ගෙන තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved