පුවත්

බ්‍රහ්මවංශ හිමි යන්න හිටියේ අපේ ගුවන්යානයක නෙවෙයි – ශ්‍රීලංකන් (Update)

Published

on

බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංශ හිමියන් බැංකොක් නුවර බලා යෑමට තෝරාගෙන තිබුණේ තම ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් නොවන බව ශ්‍රීලංකන් එයාර්ලයින් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

උන්වහන්සේ තෝරාගෙන තිබුණේ වනෙත් ගුවන් යානයක් බවත්, ඒම ගුවන්යානය මගහැරීමෙන් පසුව උන්වහන්සේට එහියාමට ගුවන් පහසුකම් සැපයීම තම සමාගම කළ බවද එම නිවේසනයේ දැක්වේ.

එසේම උන්වහන්සේ අවසන් ගුවන් ගමනට පෙර බැංකොක් වෙත හෝ වෙනත් ගමනාන්තයක් වෙත යාමට ශ්‍රීලංකන් සමාගමේ ගුවන්යානා වෙන්කරගෙන නොතිබුණ බවද කියා සිටී.

කෙසේවුවද, අජාන් බ්‍රහ්මවංශ හිමියන් කටුනායක ගුවන්තොටේ අතරමන් කරනු ලැබුවේ අගමැතිවරයා ප්‍රමුඛ පිරිසක් ශ්‍රීලංකන් ගුවන් යානයකින් බැංකොක් වෙත පියාසර කිරීමේදී ඔවුන්ට ඉඩකඩ මදිවීමෙන් බවට ද පුවත් වාර්තා වී තිබිණි.

ශ්‍රීපංකන් සමාගම විසින් නිතුකර ඇති නිවේදනය පහතින්.

පෙර පුවත පහතින්…

බ්‍රහ්මවංශ හිමි ගුවන් තොටේ දමා ගියේ අගමැති හා නඩේ නිසා? 

ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව සිටින බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංශ හිමියන් ඊයේ (31) අලුයම බැංකොක් නුවර බලා යෑමට කටුනායක ගුවන්තොටුපොළට වැඩම කර සිටිය ද, උන්වහන්සේ නියමිත ගුවන් යානය වෙත රැගෙන නොයාම හේතුවෙන් පැය 12කට අධික කාලයක් එහි රස්තියාදු වීමට සිදු ව ඇතැයි වාර්තා වේ.

පසුව උන්වහන්සේ මැලේසියාව බලා පිටත්ව යන වෙනත් ගුවන් යානයකින් පිටත් කර යවා ඇත.

අජාන් බ්‍රහ්මවංශ හිමියන් ඊයේ අලුයම 1.10ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයෙන් බැංකොක් බලා යාමට පෙරේදා (30) රාත්‍රී 10.00ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත වැඩම කර ඇත.

ගුවන්තොටුපොළ සියලු නිෂ්කාෂණ කටයුතු නිමා කර, නියමිත ගුවන් යානයට පිවිසීම සඳහා උන්වහන්සේ විශේෂ අමුත්තන්ගේ මැදිරියෙහි අසුන් ගෙන සිට ඇත.

මේ අතර, එම ගුවන් යානයෙන්ම තායිලන්තයේ බැංකොක් නුවර බලා යෑමට අග්‍රාමාත්‍යවරයා සහ මැති ඇමැතිවරුන් රැසක් ද මෙම විශේෂ අමුත්තන්ගේ මැදිරියට පැමිණ ඇත.

ඉන් මඳ වේලාවකට පසු විශේෂ අමුත්තන්ගේ මැදිරියේ සිටි අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස තායිලන්තය බලා පිටත්ව යන ගුවන් යානයට විශේෂ බස් රථයකින් රැගෙන ගොස් ඇත.

පසුව විශේෂ අමුත්තන්ගේ මැදිරියේ සිටි අජාන් බ්‍රහ්මවංශ හිමියන්ගේ ගුවන් ගමන අවලංගු කර ඇති බව ගුවන්තොටුපොළ නිලධාරීන් ඊයේ (31) අලුයම 2.30ට පමණ දැනුම් දී ඇත.

පසුව, උන්වහන්සේ ඊයේ අලුයම යළිත් නිෂ්කාෂණ කටයුතු සිදු කර, ඊයේ උදෑසන 10.45ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 314 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරිය බව ගුවන්තොටුපොළ කාර්ය භාර නිලධාරිවරයා පැවැසීය.

ඒ වන විට උන්වහන්සේ පැය 12කට අධික කාලයක් කටුනායක ගුවන්තොටුපොළේ රස්තියාදු වී ඇතැයි පැවැසේ.

මෙසේ බ්‍රහ්මවංශ හිමි අග්‍රාමාත්‍යවරයා ගමනගත් ගුවන් යානයට ගෙනගොස් නැත්තේ එහි අගමැතිවරයාගේ පිරිවර සදහා ඉඩකඩ මදිවීමෙන් බවට රාවයක් පැතිර තිබේ.

මූලාශ්‍රය – ලංකාදීප

Trending

Exit mobile version