Connect with us

පුවත්

බ්‍රික්ස් රටවල් හා කටයුතු කිරීම ලංකාවට ආර්ථිකමය ලෙස වැදගත් – මහ බැංකුව

Published

on

ලෝක ජනගහනයෙන් 41% ක් ජීවත් වන්නේත්, ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 24% ක් සේම ලෝක වෙළද කටයුතුවලින් 16%ක් ක්‍රියාත්මක වන්නේ බ්‍රික්ස් රටවල් තුල බව ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැවසීය. 

එමෙන්ම 2022 වසරේ මෙරට අපනයන වලින් 10.3% ක් සහ ආනයනයන්ගෙන් 47.3% ම සිදු කර ඇත්තේ බ්‍රික්ස් රටවල් වලින් බවත් මේ හේතූන් අනුව බ්‍රික්ස් රටවල් සමග කටයුතු කිරීම ආර්ථිකමය ලෙස වැදගත් වන බව මහ බැංකු නිලධාරීන් තව දුරටත් සඳහන් කළහ.

මේ පිළිබඳ කරුණු ඉදිරිපත්වුයේ බ්‍රික්ස් (බ්‍රසීලය,රුසියාව ,ඉන්දියාව ,චීනය, දකුණු අප්‍රිකාව) රටවල් සමග කටයුතු කිරීම ඔස්සේ මෙරටට ලබාගත හැකි සමාජ ,ආර්ථික, දේශපාලන ප්‍රතිලාභ මොනවාද යන්න පිළිබඳව  සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 05දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

ප්‍රතිලාභ ගැන සාකච්ඡා කර වාර්තාවක් දෙන්න
ඒ අනුව බ්‍රික්ස් රටවල් සමග කටයුතු කිරීම ඔස්සේ සමාජ,ආර්ථික, දේශපාලනමය වශයෙන් ලබාගත හැකි ප්‍රතිලාභ සම්බන්ධයෙන් විමසා බැලීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ මුලිකත්වයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය සමග විශේෂ සාකච්ජාවක් පවත්වා එහි වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසට කාරක සභා සභාපතිවරයා විසින් නිර්දේශ ඉදිරිපත් කළේය.

සිසුන් ස්වේච්ඡා සේවකයින් ලෙස
එමෙන්ම විදේශ තානාපති කාර්යාලවල පවතින සේවක පුරප්පාඩු වෙනුවෙන් විදේශයන්හි  ඉගෙනුම ලබන මෙරට සිසුන් ඇතුළු විදේශ සිසුන්, ස්වේච්ඡා සේවකයින් ලෙස බඳවා ගැනීම පිළිබඳ අවධානය යොමු කරන ලෙසද සභාපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා කාරක සභාවේ සමාජිකයන් වන මහාචාර්ය ජී. එල්. පීරිස්, අකිල එල්ලාවල, මධුර විතානගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් පිරිසක් සහභාගී වු අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා කාරක සභාවේ සභාපතිගේ අවසරය මත සහභාගී විය.

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved