බ්‍රිගේඩියර් කෙනෙක් හා නිලධාරීන් 13ක් පිටරටදී ගල් වෙලා!බ්‍රිගේඩියර්වරයකු ඇතුළු හමුදා නිලධාරීන් දහතුන් දෙනෙකු පුද්ගලික විදෙස් සංචාර ලෙසින් විදෙස් ගත වී එම රටවල නැවැතී ඇතැයි වාර්තා වේ.
මේ සිද්ධියත් සමඟ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට මින් ඉදිරියට ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම හෝ අලුත් කිරීමට හමුදාපතිවරුන්ගේ අනුමැතිය ලබාගත යුතු බව ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වේ.
ත්‍රිවිධ හමුදාවල පුහුණුවීම්වලදී අතිදක්ෂයන් ලෙස තේරුණු නිලධාරීන් ඇතුළුව බහුතරයක් නිලධාරීන් හමුදා සේවය අතහැර විදෙස්ගතවීමට පටන් ගැනීමත් සමග මෙම නියෝගය ආරක්ෂක අමාත්‍යාංශය වෙතින් ලබාදී ඇතැයි පැවසේ.
ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ගුවන් ගමන් බලපත්‍ර අයැදුම් කිරීමේදී හමුදාපතිවරුන්ගේ නිර්දේශය ලබා ගත යුතු බවට ආරක්ෂක අමාත්‍යාංශය ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබේ.
මේ අනුව බුද්ධි ගලනය ත්‍රිවිධ හමුදාවටත් බලපාලා ඇති බවත්, දක්ෂ නිලධාරීන් හමුදාවෙන් ඉවත්වීමට ලිපි ගොනු බාරදීමේ වර්ධනයක් ඇතැයි ද පැවසේ.
මේ අතර අරුණ පුවත්පත වාර්තා කර ඇත්තේ හමුදාවේ පිරිස් බල ශක්තිය අඩු කිරීමේ ජාත්‍යන්තරයේ වුවමනාවක් ඇති බවත්, එහි අවශ්‍යතාවක් මත මෙරට හමුදා සාමාජිකයන් මෙලෙස හමුදාව හැරයාම සිදුවන බවයි.