Connect with us

පුවත්

බ්‍රිතාන්‍යයේ නව අගමැති: ශ්‍රීමත් කියර් ස්ටාමර්

Published

on

කම්කරු පක්ෂ නායක ශ්‍රීමත් කියර් ස්ටාමර්, බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර තිබේ. 

බකිංහැම් මාළිගයේ රාජකීය සඳලු තලයේදී එය ප්‍රකාශයට පත් කළේ ය. ඒ චාල්ස් රජු විසිනි.

හිටපු අග්‍රාමාත්‍ය රිෂි සුනක්, බකිංහැම් මාළිගයට පැමිණ, සිය ඉල්ලා අස්වීම චාල්ස් රජුට නිල වශයෙන් භාරදීමෙන් පසු, නව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයට පත් කෙරිණි.

පාර්ලිමේන්තු ආසන 650න් ආසන  326 ක් දිනා ගනිමිනි.

කන්සර්වටිව් පක්ෂය දිනා ඇත්තේ ආසන 412ක් පමණයි.

මැතිවරණයෙන් බලයේ සිටි කොන්සවර්ටිව් පක්ෂය පරාජයට පත් විය. ඒ වසර 14 කට පසුවයි. එය මෙම මැතිවරණයේ සිදුවූ විශේෂ සිදු විම බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මැතිවරණයෙන් කොන්සවර්ටිව් පක්ෂය ලැබූ පරාජයේ වගකීම තමා භාරගන්නා බව අග්‍රාමාත්‍ය රිෂි සුනක් පවසා ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

1962 සැප්තැම්බර් 2 වැනිදා සරේ ප්‍රාන්තයේ ඔක්ස්ෆර්ඩ්හිදී කියර් ස්ටාමර් උපත ලැබීය.

‘ලීඩ්ස්’ විශ්වවිද්‍යාලයෙන් නීතිය හැදෑරූ ස්ටාර්මර් දේශපාලනයට පිවිසීමට පෙර සමාජ අසාධාරණය සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයෙකි.

අග්‍රමාත්‍ය ටෝනි බ්ලෙයාර්, අමෙරිකාවට සහාය පළ කරමින්, ඉරාකය ආක්‍රමණය කිරීමට සහය දක්වද්දි එය නීති විරෝධී බව පෙන්වා දෙමින් ඊට විරෝධය පළ කළ  නීතීඥවරයකු ලෙස  ස්ටාර්මර් ප්‍රසිද්ධය.

2014 වසරේ දී බකිංහැම් මාළිගයේදී දෙවැනි එලිසබත් රැජිණ, කියර් ස්ටාර්මර්හට  නයිට් පදවියක් ද පිරිනැමූහ.

ඔහු සක්‍රීය දේශපාලනයට පිවිසියේ 2015 වසරේදී යි.

කම්කරු පක්ෂයේ ප්‍රධාන තනතුරු කීපයක් හෙබවීමට ද කියර් ස්ටාමර් සමත් විය‍.

කම්කරු පක්ෂයේ නායකත්වය දැරූ ජෙරමි කෝර්බින් ඉන් ඉවත් වීමත් සමග පක්ෂ නායකත්වය  කියර්  ස්ටාර්මර්ට හිමි විය.

ශ්‍රීමත් ස්ටාමර්, යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් වීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර ඇතත්, බ්‍රිතාන්‍යය යළි යුරෝපා සංගමයට එක් නොකරන බව අවධාරණය කර තිබේ.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved