Connect with us

පුවත්

බාර් ඇරිල්ලත් කෝටිපතියන්ට සීමා කරයි!

Published

on

ඉදිරියේදී රට බීමහලක් ආරම්භ කරන ඕනෑම පුද්ගලයකුට රුපියල් කෝටියක මූලික ගාස්තුවක් අනිවාර්යයෙන්ම තැන්පත් කිරීමට සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

මත්පැන් හල් විවෘත කිරීමේදී මෙතෙක් එවැනි මූලික ගාස්තුවක් අය නොකෙරිණ.

සුරා බදු බලපත්‍ර ඉතාමත් නිත්‍යානුකූල ආකාරයට ලබාදීමට කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් රා බී 4 යන බලපත්‍රයට වැඩි ඉල්ලුමක් පවතින හෙයින් එම බලපත්‍රය නිකුත් කිරීමේදී මූලික ගාස්තුවක් වශයෙන් රුපියල් කෝටියක මුදලක් ගැනීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

සංචාරක කර්මාන්තය සමග බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මේ රටේ සාමාන්‍ය ජනතාව මත පැටවී ඇති බදු බර ක්‍රම ක්‍රමයෙන් ගිහිල් කිරීමට පියවර ගන්නා බවද  ප්‍රකාශ කළේය.

පුවත්

කෙහෙළිය අත් අඩංගුවට

Published

on

By

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (07) එම කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදීය.

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Continue Reading

පුවත්

අත්අඩංගුවට ගත් සිසුන්ට ඇප (UPDATE)

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම විශ්ව විද්‍යාලයේම සිසුන් හත් දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (07) දින නියෝග කළාය

ලද පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු සිදුකර හෝමාගම මූලස්ථාන පොලිසිය මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.


(පෙර පුවත 2025 මැයි 07 පෙ.ව.10.13 )

ජ’පුර සිසුවාට පහර දුන් 06ක් අත්අඩංගුවට

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 ,23, 24 යන වයස්වල පසුවන සිසුන් බව වාර්තා වේ.

පහර කෑමට ලක් වූ ශිෂ්‍යයා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්තඩංගුවට ගෙන ඇත.

ඔහු විසින් සිදු කරනු ලැබූ පැමිණිල්ලේ සදහන් වන්නේ තමන් ඉගෙනුම ලබන විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් තමා හට හෙල්මට් වලින් හා අතින් පයින් පහර දී තුවාල සිදු කළ බවය.

අදාළ පැමිණිල්ලට අනුව පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශන ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සදහන් කර තිබේ.    

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අද CIDය හමුවේ පෙනී සිටිය නොහැකියි (UPDATE)

Published

on

By

පෙර දැනුම්දීම අනුව අද (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය නොහැකි බව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා පවසා තිබේ.

මේ අතර ඔහු ඊට වෙනත් දිනයක් දෙන ලෙසත් ඉල්ලීමක් කර ඇතැයි පොලිසිය සඳහන් කළේ ය. 


(පෙර පුවත 2025 මැයි 07 පෙ.ව.10.33 )

තුසිත හල්ලොලුව අද CIDයට

ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අවමන්සහගත සහ අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීමකට අදාළ පැමිණිල්ලකට අනුව සිදු කරන විමර්ශනයකට එම ප්‍රකාශය සිදු කළ තුසිත හල්ලොලුව මහතාව අද (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

ඔහු ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කලේය.

උදෑසන 10.00 වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන ලෙස ඔහුට දැනුම්දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඊයේ (06) නිවේදනය කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ, එකී ප්‍රකාශයෙන් මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට ගැටලු උද්ගත වන ආකාරයේ ප්‍රකාශයක් සිදුව ඇති බැවින් එම ප්‍රකාශයේ අඩංගු කරුණු සම්බන්ධ මූලාශ්‍ර අනාවරණය කර ගැනීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109(06) වගන්ති ප්‍රකාරව වූ දැන්වීමක් යොමු කරමින් තුසිත හල්ලොලුව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙන බවයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔහුගේ නීතිඥ අකලංක උක්වත්ත මහතා විසින් මේ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ගොනු කර ඇත.

තුසිත හල්ලොලුව නමැති අය විසින් සිදු කර ඇති එම අසත්‍ය ප්‍රකාශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කීර්තිනාමයට අහිතකර සහ දැඩි අගතිදායී බලපෑමක් සිදු විය හැකි බව ද එම පැමිණිල්ලෙහි සඳහන්ය.

තුසිත හල්ලොලුව යන අයට එරෙහිව සහ එකී ප්‍රකාශය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කිරීමට කටයුතු කළ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ට එරෙහිව කඩිනම් විමර්ශනයක් සිදු කර නීත්‍යනුකූල පියවර ගන්නා මෙන් ද මෙම පැමිණිල්ල මඟින් ඉල්ලා තිබේ. 

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved