Connect with us

පුවත්

බාල ඖෂධ යන්න ප්‍රතික්ෂේප කරනවා – කෙහෙළිය

Published

on

ඉන්දියානු ණය ආධාරය නොමැති කාලසීමාවේදීත් මෙරටට ආනයනය කරන ඖෂධ වලින් 80% ආනයනය කරන්නේ ඉන්දියාවෙන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පවසා තිබේ.

එම නිලධාරීන් මේ බව සඳහන් කර ඇත්තේ සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (19) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී නිලධාරීන් මේ සම්බන්ධයෙන් පැවසූ අතර මෑත කාලීනව ඉන්දියානු ණය අධාර යටතේ ගෙන්වූ බෙහෙත් භාවිතා කරන බවද ඔවුහු පෙන්වා දුන්හ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම නිලධාරීන් පෙන්වා දුන්නේ ඖෂධ ගෙන්වීමට අවශ්‍ය අංශ කටයුතු නොකළේ නම් මිනිසුන් මිය යන්නේ ඖෂධ නොමැති කමින් බවයි.

එසේම මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේ පේරාදෙණිය රෝහලේ සිදු වීම සිදු වන අවස්ථාවේදී එම වාට්ටුවේම සිටි රෝගීන් 12 දෙනෙකුට මෙම ඖෂධය ලබාදී තිබූ බවයි. තවද මෙම වසර තුළ 167,000 ක් මෙම ඖෂධය භාවිත කොට ඇති බවයි. එසේම 230,000ක් රෝහල් සඳහා මෙම ඖෂධය ලබා දී ඇති බවයි. මෙම ඖෂධය 2013 ඔක්තෝම්බර් 21 ලියාපදිංචි කොට ඇති ඖෂධයක් බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එසේම බාල ඖෂධ යනු කුමක්දැයි අර්ථකථනයක් නැති බැවින් බාල ඖෂධ යන්න තමන් ප්‍රතික්ෂේප කරන බවද අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී සඳහන් කළේය.

මෙහිදී මහාචාර්ය සේනක බිබිලේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය වර්ථමානයේ ක්‍රියාත්මක වන්නේදැයි  පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා විමසා සිටි අතර එම ප්‍රතිපත්තිය තවමත් අනුගමනය කරන බවද අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසීය. මෙහිදී මෙම ප්‍රතිපත්තිය මගින් සම්පූර්ණ වසරකට අවශ්‍ය ඖෂධයන් ඹෟෂධ නාමය සහිතව එක් වර ටෙන්ඩර් කොට ලබාගැනීම පිළිබඳ අදහස් කොට ඇති බව මහාචාර්ය තිස්ස විතාරණ මහතා පෙන්වා දුන්නේය.

මීට අමතරව දිස්ත්‍රික්ක මට්ටමෙන් රෝහල් ආශ්‍රීතව පවතින ගැටලු, නිලධාරීන් සම්බන්ධ පුරප්පාඩු, ඖෂධ සහ උපකරණ හිගය පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

පුවත්

මාලිමා මන්ත්‍රීන් දෙදෙනෙක් පැහැරගෙන (වීඩියෝ)

Published

on

By

වැලිගම ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.

අද (27) දින වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව තිබූ අතර එයට පැමිණෙමින් සිටි මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කර තිබීම මෙම උණුසුම් තත්ත්වය මතුකිරීමට හේතු වී තිබේ.

මේ වන විට සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති බව සඳහන්ය.

මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී තිබේ.

Continue Reading

පුවත්

ජපුර බාහිර උපාධි ගැටලුවලට රජයෙන් විසඳුම් ඉල්ලයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ අධ්‍යයන කටයුතු ද තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

පසුගිය 24වනදා දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ඒකකය විසින් පවත්වනු ලබන බාහිර උපාධි පාඨමාලා සම්මන්ත්‍රණ සහ ලියාපදිංචි කටයුතු මෙලෙස අත්හිටුවා තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසා සිටියේ, පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට නම් රජය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මැදිහත් වී ගැටළුවලට විසදුම් ලබාදිය යුතු බව උන් වහන්සේ පවසයි.

ඊයේ (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර පාඨමාලා අධ්‍යයන අංශයේ මූල්‍ය පාඨමාලා අධ්‍යයන අංශයේ මූල්‍ය අක්‍රමිකතා රැසක් පිලිබදව පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී පසුගියදා අනාවරණය වී තිබුණි.

ඒ එම විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය කෝප් කමිටුව හමුවට පසුගියදා කැඳවු අවස්ථාවේය.

එහිදී වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතා පැවසුවේ, බාහිර පාඨමාලා අධ්‍යයන අංශයේ සිදුව ඇති අක්‍රමිකතා හේතුවෙන් සියලු වැයබර දැරීමට සිදුව ඇත්තේ සිසුන්ට බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

පෝට් සිටි මුහුදේ සරසවි සිසුවෙක් අතුරුදන්  

Published

on

By

කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටි සරසවි සිසුන් අතරින් තරුණයෙකු අතුරුදහන් වී තිබේ.

ඒ පිළිබඳව කොළඹ වරාය පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

අතුරුදහන් වූ පුද්ගලයා වයස අවුරුදු 24ක් වන අස්ගිරිය, ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොළඹ විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ (26) උදෑසන කාලයේ විනෝදාංශයක් ලෙස ස්නෝකල් පැළැඳ මුහුදේ පිහිනමින් මුහුදු පතුල නීරීක්ෂණ කරමින් සිටියදී එක් සිසුවෙකු මෙලෙස අතුරුදහන්වී තිබේ.

පසුව ඔහු පැළැඳ සිටි ස්නෝකලය ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

අතුරුදන් වූ පුද්ගලයා සොයා කොළඹ වරාය පොලීසිය, නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන්, රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධව මෙහෙයුම් දියත් කර ඇති අතර, කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved