Connect with us

පුවත්

බාල පොහොර සොයා දිවයින පුරා විමර්ශන

Published

on

ප්‍රමිතියෙන් තොර පොහොර වෙළෙඳ  පොළේ ඇත්දැයි සොයා විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, පොලොන්නරුව ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර තොගයක් පොලිස් භාරයට ගැනීමත් සමග එම විමර්ශනය ආරම්භ කළ බවය.

දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන් මාර්ගයෙන් එම විමර්ශනය සිදු කෙරෙනු ඇත.

පොළොන්නරුව සිරිපුර ගබඩාවක තිබී යුරියා පොහොර මිටි 1565ක් පොලිස් භාරයට ගැනිණි.

එහි සාම්පල පරීක්ෂණ සඳහා කොළඹට රැගෙන එන බව ද චන්දන ලොකුහේවගේ මහතා ප්‍රකාශ කළේ ය.

එම පොහොර ජාවාරම සම්බන්ධයෙන් 12 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ , සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

සබැඳි පුවත්

පුවත්

කෝටි 21ක රත්‍රං සමග දෙදෙනෙකු අත්අඩංගුවට

Published

on

By

රුපියල් කෝටි 21ක් වටිනා රත්‍රං තොගයක්, වාහන අමතර කොටස් තුළ සඟවාගෙන පැමිණි දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන්තොටුපොළේ ව්‍යාපාරිකයන් සඳහා වූ ‘රක්ත මාවත’ ඔස්සේ මෙම ගමන්කරමින් සිටියදී මෙම ගුවන් මගීන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත.

මොවුන් අතරින් එක් අයෙකු කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක්ය.

අනෙක් පුද්ගලයා මහනුවර, රඹුක්වැල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක්ය.

ඔවුන් ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මත ගුවන්ගමන් වල නිරත වෙමින් විදේශ රටවලින් විවිධ භාණ්ඩ මෙරටට ගෙනැවිත් දීමේ ක්‍රියාවලියක නිරත වී සිටින්නන් බව අනාවරණය වී ඇත.

මොවුන් දෙදෙනා ඊයේ උදෑසන ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී ඔවුන් ගෙන ආ ගමන් මලු තුළ තිබූ කිලෝ 6යි ග්‍රෑම් 700ක් බර මෙම රත්‍රං තොගය, වාහන බෙයාරිං පද්ධති දෙකක් තුළ රන් බිස්කට් 21ක් සහ වාහන සිසිලන පද්ධතියකට අදාල ජල පොම්ප කැබැලි තුළ, ඒ හැඩයට උණු කර සකස් කර තිබූ රන් කුට්ටි කීපයක් ද සඟවාගෙන තිබී ඇත.

ඒ අනුව මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම සැකකරුවන් අද (16) අලුයම ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වෙත ඔවුන් නීතිවිරෝධී ලෙස රැගෙන ආ රත්‍රං තොගය සමග භාර දී තිබේ.

Continue Reading

පුවත්

වහල මත සූර්ය බලශක්ති ධාරිතාව මෙගාවොට් 1,700ට ළඟාවෙයි

Published

on

By

දිවයින පුරා ස්ථාපිත වහල මත සූර්ය බලශක්ති ධාරිතාව මැයි 1වනදා වනවිට මෙගාවොට් 1,700 සීමාවට ළඟා වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය (CEB) පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසා සිටියේ, වහලමත ස්ථාපිත සූර්ය බලශක්තිය මෙරට ප්‍රධාන පුනර්ජනනීය බලශක්ති සන්ධිස්ථානයක් අත්කර ගෙන ඇති බවය.

මෙරට ජනතාව, ව්‍යාපාර සහ ආයතනවල හරිත මෙන්ම වඩාත් තිරසාර බලශක්ති අනාගතයක් සඳහා ඇති කැපවීම මෙම ප්‍රගතියෙන් පිළිබිඹු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව වත්මන් කාලීන අවශ්‍යතාවට අනුගතවෙමින් පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමුකිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය, සියලුම සූර්ය බලශක්ති නිෂ්පාදකයින්ට සිය කෘතඥතාව පළකරයි.

Continue Reading

පුවත්

කොළඹ මහාධිකරණයෙන් තිදෙනෙකුට මරණීය දණ්ඩනය

Published

on

By

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීම හා ජාවාරම්කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (16) මරණීය දණ්ඩනය නියම කළේය.

2018 වසරේදී බේරුවල ආශ්‍රිත මුහුදු සීමාවේදී බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 179කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේදී මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් පස්දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමටද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved