පුවත්

බාල බේබි සබන් වෙළෙඳපොළේ !

Published

on

ප්‍රමිතියෙන් තොර බාල සබන් ආලේප කිරීම නිසා බිලිඳුන්ගේ සමේ විවිධ සංකූලතා ඇති වී තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනි සංගමයේ සභාණ්ඩාගාරික ප්‍රියංගනී සුසංගිකා පවසන්නීය.

වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය අනුව බොහෝ දෙමව්පියන් වෙළෙඳපොළේ ඇති බාල සබන් වර්ග තම බිලිඳුන් වෙනුවෙන් මිලදී ගන්නා බවක් දක්නට ඇති බවද ඇය කියා සිටී.

මේ තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඇය,

“එසේ මිල පිළිබදව අවදානය යොමු කරන පාරිභෝගිකයන් ඉලක්ක කර ගත් කිසියම් කණ්ඩායමක් ප්‍රමිතියෙන් තොර බාල බිලිඳු සබන් වර්ග වෙළෙඳපොළට එක් කර තිබෙන බවක් දැන ගන්නට තිබෙනවා. මේ නිසා අපි මව්පියන්ගෙන් ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනේ ප්‍රමිති කාර්යංශයෙන් සහතික කර ඇති බිලිඳු සබන් වර්ග තම දරුවන් වෙනුවෙන් මිලදී ගන්නා ලෙසයි. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අපට දැන ගන්නට ලැබුණා සමේ විවිධ සංකුලතා ඇතිවූ බිලිඳු දරුවන් සම්බන්ධයෙන් දැන ගැනීමෙන් පසුව කරන ලද සොයා බැලීමේදී තමයි අපිට එය අනාවරණය කර ගැනීමට හැකිවූයේ. ඒ නිසා තමයි අපි කියා සිටින්නේ ප්‍රමිතියෙන් තොර බිලිඳු සමට නොගැළපෙන සබන් වර්ග බිලිඳුන් වෙනුවෙන් භාවිතා නොකරන ලෙස.

අපි අමතක නොකළ යුත් වන්නේ ප්‍රමිතියෙන් තොර සබන් භාවිතා කිරීමේ අතුරු පල දරුවන්ට ලැබෙන්නේ වර්තමානයට වඩා අනාගතයේදී බවයි. දරුවන්ගේ ඇඟ ගල්වන සබන් වල 78% කට වඩා ඉහළ අගයකින් යුක්තව TFM (Total fatty matter) අන්තර් ගතව තිබිය යුතුයි. ප්‍රමිති කාර්යංශය විසින් අනුමත කරන්නේ නියමිත ප්‍රමාණයට TFM (Total fatty matter) අඩංගු නම් පමණයි. ඒ නිසා අපි දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ දරුවන්ගේ අනාගතය පිළිබදව සිතා ප්‍රමිතියෙන් යුතු සබන් වර්ග පමණක් භාවිතා කරන ලෙසයි.”

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version