දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ යටතේ අදට නියමිතව තිබූ බැඳුම්කර යළි නිකුත් කිරීම ලබන 11 වැනි දා දක්වා දීර්ඝ කර තිබේ.
දේශීය ආදායම් පනත සංශෝධනයට එරෙහිව පවතින අධිකරණ ක්‍රියාවලියක් පවතින බැවින් එලෙස එය කල් දැමූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කර ඇත.
දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ යටතේ රජය නිකුත් කර ඇති බැඳුම්කර සියල්ල 9%ක පොලී අනුපාතිකයක් යටතේ යළි නිකුත් කිරීමට යෝජනා වී තිබුණු අතර, එය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණේ, අදය (28).