පුවත්

බැරලයක් නිසා පැය 5ක අලි මෙහෙයුමක්!

Published

on

අනවසර මත්පැන් බැරලයක හොඬවැල සිරවූ අලියෙකු බේරාගැනීමට වනජීවී නිලධාරීන් සමත් වී තිබේ.

මින්නේරිය යුද හමුදා කඳවුර ආසන්න ප්‍රදේශයෙන් හමුවූ මෙම අලියා පිළිබඳව දැන්වීමෙන් පසුව ගිරිතලේ, මොරගහකන්ද, අනුරාධපුර කාර්යාලවලින් වනජීවී නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ ඇති අතර, එම සත්ත්වයා නිර්වින්දනය කර, පැය 5ක පමණ මෙහෙයුමකින් පසුව එම සත්ත්වයා බේරාගැනීමට ඔවුන් කටයුතු කර ඇත.

තුවාල වලට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව, අලියාව යළි මින්නේරිය රක්ෂිතයට මුදා හැර තිබේ.

Trending

Exit mobile version