එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතෙහි දුරකථන බිල්පත ලෙස රුපියල් හාරලක්ෂ හතළිස් හයදහසක මුදල මෙතෙක් ගෙවා නොමැති බවට ටෙලිකොම් වෘත්තිය සමිති නියෝජිතයන් කොළඹ ගුරු මැදුර ශාලාවේදී ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කර තිබිණි.
එම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නියෝජනය කරන ටෙලිකොම් වෘත්තිය සමිතියේ සභාපති හේමන්ත නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කළේ අන්තර්ජාල ගාස්තු ලෙස රුපියල් තුන්ලක්ෂ පනස්පන්දහසක්ද, දුරකථන ඇමතුම් ගාස්තු ලෙස රුපියල් අනුඑක්දහසක මුදලක්ද හිඟ බිල්පත් ලෙස පවතින බවය.
මෙම හිඟ මුදල 2016 වසරේ සිට මේ දක්වා ගෙවා නොමැති බවත් අවස්ථා කිහිපයකදීම මෙම හිඟ බිල්පත් ගෙවන ලෙස දැනුම් දුන්නද මෙතෙක් ඒවා ගෙවා දැමීමට පියවර ගෙන නොමැති බවත් සභාපතිවරයා එහිදී හෙළිකර තිබිණි.
එම නිසා ටෙලිකොම් ආයතනය විකිණීමට පෙර සිය පක්ෂ මූලස්ථානයේ දුරකථන බිල්පත් ගෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන්නේ නම් ඉතා යහපත් බවද හෙතෙම ඔච්චම් කරමින් පවසා ඇත.
මේ අතර, පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ හා ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පෙරේදා 20 ලංකාවට පැමිණීමෙන් පසුව එම වෘත්තීය සමිතිය සහභාගිවූ පළමු මාධ්‍ය හමුවද මෙය වේ.