පුවත්

බැසිල් තාමත් යැපෙන්නේ ආණ්ඩුවෙන්; UNPයෙන් බැසිල්ට එකට එක කරයි

Published

on

අමරිකාවේ සිට ලංකාවට පැමිණි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තය හරහා පැමිණීමේ දී ඔහු පිළිගැනීමට එහි පැමිණි පුද්ගලයින් වෙනුවෙන් කළ සංග්‍රහ වියදම් ඇතුළු විශේෂ අමුත්තන්ගේ ආලින්දයේ සේවා වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගෙවිය යුතු ගාස්තු රජය විසින් ගෙවා ඇතැයි ඩේලිමිරර් පුවත්පත විසින් හෙළිකර තිබේ.

ඒ අනුව සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් අදාල ගාස්තුව වශයෙන් රුපියල් හැටදහසක මුදලක් පෙරේදා (24) ශ්‍රී ලංකන් එයාර්ලයින් කේටරින්ග් සර්විස් ආයතනයට ගෙවා ඇතැයි එහි දැක්වේ.

හිටපු අමාත්‍යවරයා පිළිගැනීමට ඔහුගේ ප්‍රබල ආධාරකරුවන් වන පොදු ජන පෙරමුණේ මැති ඇමැතිවරු ඇතුළු සීයකට ආසන්න පිරිසක් ගුවන්තොටුපළට පැමිණ සිට ඇති අතර ඔවුන්ට ශ්‍රී ලංකන් කේටරින්ග් වෙතින් කෙටි ආහාරපාන වර්ග සපයා ඇත.

මේ තත්ත්වය පිළිබඳව මාධ්‍ය මඟින් අනාවරණය කිරීමෙන් පසු සිවිල් ගුවන් සේවා අධිකාරිය අදාළ මුදල ගෙවීමට ක්‍රියා කර ඇති බව එම පුවත්පත කියා සිටී.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතෙහි දුරකථන බිල්පත ලෙස රුපියල් හාරලක්ෂ හතළිස් හයදහසක මුදල මෙතෙක් ගෙවා නොමැති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නියෝජනය කරන ටෙලිකොම් වෘත්තිය සමිතියේ සභාපති හේමන්ත නෙත්තිකුමාර මහතාගේ ප්‍රකාශය හිටපු ඇමතිවරයාගේ අනුදැනුම ඇතිව සිදුවූවක් බැවින් එයට එකට එක කිරීමක් වශයෙන් ගුවන්තොටුපලේ බිල පිළිබඳව හෙළිකර ඇත්තේ එජාපයට සම්බන්ධ පිරිස් විසින් බවටද රාවයක් පැතිරගොස් තිබේ.

Trending

Exit mobile version