Connect with us

පුවත්

බැසිල් පුටුවෙන් වැටිලා එක්තැන් වෙලා!

Published

on

මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා ඉකුත් 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු මුදල් අමාත්‍යවරයකු වූ බැසිල් රාජපක්ෂ මහතාට කර තිබූ නියෝගයකට ඒ මහතා පෙනී සිට නැතැයි වාර්තා වේ.මේ නඩුව, 

2017 වසරේ දී FCID ය විසින් ගොනුකර ඇති අතර, නීත්‍යානුකූල නොවන ආකාරයකින් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ පන්සියයක් භාවිත කරමින් මාතර, එළියකන්ද ප්‍රදේශයේ අක්කර එකහමාරක ඉඩමක් බිරියගේ සහෝදරියගේ නමට මිල දී ගැනීමේ සිද්ධියට අදාළව පවතී.

මෙම නඩුවේ පළමු සැකකරු ලෙස තිස්ස ගලප්පත්ති යන අයත්, දෙවැනි සැකකරු ලෙස මුදිත ජයකොඩි යන අයත්, තුන්වැනි සැකකරු ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාත්, සිවුවැනි සැකකාරිය ලෙස අමාත්‍යවරයාගේ බිරියගේ සහෝදරියක වන අයෝමි ගලප්පත්ති මහත්මියත් නම් කර ඇත.

නඩුව කැඳවූ අවස්ථාවේ ඇප මත මුදා හැර සිටින සැකකරුවන් දෙදෙනකු අධිකරණයේ පෙනී සිටිය ද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරියගේ සහෝදරිය වන අයෝමා ගලප්පත්ති යන අය අධිකරණයේ පෙනී නොසිටියහ. 

මෙහි දී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය මෙලෙස පැවසුවා ය.

“ස්වාමීනී, මෙම නඩුවේ තුන්වැනි සැකකරු වන බැසිල් රාජපක්ෂට 2024 සැප්තැම්බර් මස 18 වැනි දින විදේශගතවීමට අවසර ලබා දී ඇත්තේ අද (23) දක්වා පමණයි. එවැනි පසුබිමක ඔහු අද අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ නැහැ. එබැවින් සාධාරණ හේතු දැක්වීමකින් තොරව අධිකරණය මඟහැරීම සම්බන්ධයෙන් ඔහුගේ ඇප අවලංගු කර වරෙන්තු නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා.”

මෙහි දී බැසිල් රාජපක්‍ෂ මහතා වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා මෙලෙස පැවසුවේය.

“ස්වාමීනී, මගේ සේවාදායකයා මැයි මස 18 සහ 19 දින යළි මෙරටට එන්න ගුවන් ටිකට්පත් වෙන් කරලයි තිබුණේ. නමුත් අමෙරිකාවේ සිටිය දී ඔහු පුටුවකින් ඇදවැටී අනතුරකට ලක්වෙලා ගෙල සහ ස්නායු ආශ්‍රිතව ආබාධ මතුවෙලා තිබෙනවා. මාස හයක් (06) ගුවන් ගමන්වල යෙදෙන්න එපා කියලා අමෙරිකාවේ වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා”

එම අවස්ථාවේ දී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් යළිත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය පවසා සිටියේ ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තාවල පරස්පරතා ඇති බවයි.

“ස්වාමීනී. මේ එක්ස්-රේ වාර්තා බැලුවාම බෙල්ලේ උලුක්කුවක්, වැරදි ඉරියව්වක් නිසා මාංස පේශිවල සුළු ඇඳීමක් පිළිබඳ විතරයි සටහන් වෙන්නේ. එසේම එය සතියකින් දෙකකින් සුවවෙන බවට වෛද්‍යවරුන් පවසා තිබෙනවා. වෛද්‍ය වාර්තා නිකුත් වී ඇත්තේ 2025 මාර්තු මස 18. ඔය කියන විදිහට මාස හයක් (06) ගුවන් ගමන්වලින් වළකින්න කියලා වෛද්‍ය වාර්තා නිර්දේශයක් තිබුණා නම් ඇයි මැයි මස 18, 19 දිනයන්හි ගුවන් ටිකට්පත් වෙන් කළේ. එම නිසා ස්වාමීනි, මෙම වෛද්‍ය වාර්තා පිළිනොගෙන සැකකරුගේ ඇප අවලංගු කරන ලෙස මා ඉල්ලා සිටිනවා” 

ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා – 

“ස්වාමීනී, මගේ සේවාදායකයා ලෙඩක් නැතුවවත් ආවේ නැහැ කියලා පෙන්වන්න හදන්නේ හොරෙක් කියලා හිතල ද? නමුත් මේවා අමෙරිකාවේ වෛද්‍ය වාර්තා. අපේ වෛද්‍යවරුන් වගේ හොර නැහැ. ඊළඟ නඩු දිනයේ දී අධිකරණයට පැමිණෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව හරි කැමැතියි මගේ සේවාදායකයා, රාජපක්ෂලා ලොකු ලෙඩක් හැදිලා මැරිලා යනවා නම්. හොඳ වුණත් නරක වුණත් ඒ මිනිස්සුත් ලංකාවේ ඉන්න ඕනේ. මගේ සේවාදායකයා අද ආවේ නැත්තේ අසනීප තත්ත්වය නිසා. ඉදිරි නඩු දිනයේ ඔහු අධිකරණයට එනවා. ඒ නිසා ස්වාමිනී මේ අවස්ථාවේ ඔහුට වරෙන්තු නිකුත් කිරීමක් හෝ ඇප අවලංගු කිරීමක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නෑ.”

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මාතර මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් සැකකරුට වරෙන්තු නිකුත් කිරීමක් හෝ ඇප අවලංගු කිරීමක් නොකරන බව සඳහන් කරමින් ඉදිරි නඩු දිනයේ දී අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් නඩුව ලබන නොවැම්බර් 21 දක්වා කල් තැබීය.

මූලාශ්‍රය – දිනමිණ

පුවත්

විදුලිය බිඳ වැටී ඇත්නම් දැනුම් දෙන්න

Published

on

By

කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක් හරහා ඊයේ (29) රාත්‍රියේ හමා ගිය දැඩි සුළං තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බිද වැටීම් වාර්තා වී ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.
 
එම බිඳ වැටීම් කඩිනමින් යථා තත්වයට පත් කිරීම සදහා කණ්ඩායම් යොමු කර ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා  කියා සිටියේය.
 
ඒ අනුව, එවැනි බිද වැටීම් තිබේනම් 1987 කෙටි අංකය ඔස්සේ හෝ සී ඊ බී ඇසිස්ට් (CEB Assist) ජංගම යෙදවුම හරහා දැනුම් දෙන ලෙස ද විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Continue Reading

පුවත්

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත්  අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු කලක් රෝගල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙසින් හා සිංහල අධ්‍යනාංශයේ අංශාධිපතිවරයෙක් ලෙසද කටයුතු කලේය.

විශිෂ්ට දේශකවරයෙක් ලෙසද ඔහු බොහෝ දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වී සිටියේය.

දේහය මේ වනවිට පේරාදෙණිය රෝහලේ තැන්පත් කර ඇති අතර අවමංගල්‍ය කටයුතු පිළිබඳ පසුව දැනුම්දීමට නියමිතය.

Continue Reading

පුවත්

කොළඹට හැමූ දැඩි සුළඟින් හානි

Published

on

By

බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට ඊයේ (30) රාත්‍රියේ හමාගිය දැඩි සුළඟක් හේතුවෙන් ගස් කඩාවැටී දැඩි අලාභහානි සිදුව තිබේ.

කොළඹ – ගාලු පාරේ කොල්ලුපිටියේ සිට වැල්ලවත්ත දක්වා මෙන්ම ග්‍රෑන්ඩ්පාස් අවට ප්‍රදේශ කිහිපයකම ගස් කඩාවැටී තිබෙන අයුරු දැකගත හැකිවිය.

ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් මාවතේ විශාල ප්‍රමාණයේ ගසක් කඩාවැටීමෙන් අසල තිබූ නිවාස 6කට හානි සිදුව ඇත.

මෙම අනතුරෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved