පුවත්

බැසිල් යළිත් එයි

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අද (05) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

බැසිල් රාජපක්ෂ මහතාව මහතාව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්විය.

තම පක්ෂය කිසිදිනක ජනතාව රැවටීමට උත්සාහ කර නොමැති බවත් යළිත් වරක් පාර්ලිමේන්තු ඒමට තමාට කිසිඳු අදහසක් නොමැති බවත් මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ.

“අපි කවදාවත් ජනතාව රවට්ටන්නේ නෑ. ජනතාව කියන දේ තමා කරන්නේ. අපිට සමහර තැන්වලදි වැරදෙනවා. ජනතාව අපි කියන දේ පිළිගන්නේ නෑ. සමහර වෙලාවට ජනතාව කියන දේ අපි පිළිගත්තේ නැති අවස්ථා තියෙනවා. ඒවා නිවැරදි කරගෙන යනවා.”

Trending

Exit mobile version