පුවත්

බිත්තර උපරිම මිල ගැන ගැසට්ටුව අත්හිටුවයි

Published

on

බිත්තර සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීන්දු කළ අභියාචනාධිකරණය බිත්තර සඳහා වන උපරිම මිලක් අද (14) දිනය තුළ නියම කරන ලෙස එම අධිකාරියට නියෝග කර තිබේ.

බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ පෙත්සම අද යළි සළකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය ලබාදී තිබුණ අතර, මෙම පෙත්සම යළි හෙට (15) දින කැඳවීමට නියමිතය.

පසුගිය අගෝස්තු 19දා පාරිභෝගික සේවා අධිකාරිය විසින් සුදු බිත්තරයක රු. 43ක් හා රතු බිත්තරයකට රු. 45ක් ලෙස උපරිම මිලක් නියම කර තිබුණි.

Trending

Exit mobile version