බිත්තර ආනයනයට සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තාවකාලිකව අවසර දී ඇතැයි වාර්තා වේ.
කෙසේවුවද, මෙලෙස ආනයන කරන බිත්තර බේකරි කර්මාන්තය සඳහා පමණක් බවත් සාමාන්‍ය පරිභෝජනයට වෙළඳසැල්වල අලෙවියට අවසර නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.
මේ අනුව, බේකරි නිෂ්පාදනවල අලෙවිය පහළ යාමේ අවදානමක් මතුව ඇති බව වෙළෙඳ පොළ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.