පුවත්

බිනර පොහොය අදයි !

Published

on

ලෝවැසි බෞද්ධයන්ට වැදගත් දිනයක් වන බිනර පුර පසළොස්වක පොහොය අදට (29) යෙදී තිබේ.

මෙහෙණි සසුනේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදුවීම සුවිශේෂ වන අතර ආනන්ද හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන්ට බුදු සසුනේ නිවන් මඟ විවෘත කළ බවත් ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

එහිදී පැවිද්ද අවශ්‍ය නම් අෂ්ට ගරුධර්ම පිළිගත යුතු බවට එහිදී බුදු හිමියන් වදාළ බවත් මහා ප්‍රජාපති ගෝතමී එය පිළි ගැනීමෙන් පසු පැවිද්ද ලබා ගැනීමට හැකි විය.

භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ආරම්භ වන්නේ ද අද වැනි උතුම් පොහොය දිනක ය.

තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදු රජාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත් බුදුන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මංගල මහා සෑයේ ඉදි කිරීමත් මෙම උතුම් බිනර පොහෝ දිනයේ දී සිදුවීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට බිනර පොහෝ දිනය වැදගත් වෙයි.

මෙම පොහොය දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාව පුරා වෙහෙර විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබෙන අතර දාන, ශීල, භාවනා වැඩසටහන් ඒ අතර ප්‍රධාන වෙයි.

Trending

Exit mobile version