Connect with us

පුවත්

බිරිඳගේ ගෙදර කාර්එක පාර්ක් කලේ ප්‍රයිවට් සෙකට්‍රි බව ලොහාන් කියයි

Published

on

තම බිරිඳගේ නිවසේ තිබියදී හමුවූ සුඛෝපභෝගී මෝටර් රථය මීට සතියකට පෙර වෙඩි තබාගෙන මියගිය තම පෞද්ගලික ලේකම්වරයා ගෙනදැමූවක් බවත් මෙම රථයට තමාට හෝ තම බිරිදට අයිති නැති බවත් හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මිරිහාන මූලස්ථාන පොලිසිය හමුවේ පවසා ඇතැයි වාර්තා වේ.

මෙම රථය සිය පෞද්ගලික ලේකම්වරයා නිවසේ ගරාජයට ගෙන දැමුවේ මීට සති තුනකට පෙර බවද හිටපු ඇමැතිවරයා සඳහන් කර ඇත.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත ගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේට අයත් මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක තිබූ අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් මිරිහාන මූලස්ථාන පොලිසිය පෙරේදා (26) විසින් සොයාගෙන තිබේ.

ඒ පොලිස් මූලස්ථානයට ලද තොරතුරකට අනුව මිරිහාන පොලිසිය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත කළ සෝදිසි කිරීමකිනි.

මෙම මෝටර් රථය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් පොලිසිය ප්‍රකාශයක්ද ලබාගෙන තිබේ.

මෙම රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ලියාපදිංචි කර නොමැති සුඛෝපභෝගී රථයක් වන අතර එය මෙරටට රැගෙන ආ ආකාරය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුවන බව මිරිහාන පොලිසිය පවසයි.

මෙම මෝටර් රථය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවද ලබාගනිමින් ඉදිරි විමර්ශන සිදුකෙරෙන බවද පොලිසිය සඳහන් කරයි.

සබැඳි පුවත්
ලොහාන්ගේ පෞද්ගලික ලේකම් වෙඩිතබා ගැනීමේ සිද්ධිය සී.අයි.ඩී යට

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved