Connect with us

පුවත්

බිරිඳ පැහැරගත් සැමියා අල්ලයි! (වීඩියෝ)

Published

on

හලාවත, මානුවන්ගම ප්‍රදේශයේදී 18 හැවිරිදි සිය විවාහක බිරිඳ වෑන් රථයකින් පැහැරගෙන ගිය ඇගේ 19 හැවිරිදි විවාහක සැමියා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, පසුගිය 19 වැනිදා උදෑසන 5දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අදාළ කාන්තාව පැහැරගෙන ගොස් ඇති බවයි.

මේ වනවිට 18 හැවිරිදි කාන්තාව හලාවත රෝහලේ ප්‍රතිකාර ලබයි.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 4 දෙනෙකු සොයා විමර්ශන ක්‍රියාත්මක බවද පැවසේ.

18 හැවිරිදි මෙම කාන්තාව මීට මාස කිහිපයකට පෙර විවාහ වී ඇති අතර පසුව සැමියාගේ හිරිහැර හේතුවන් යළිත් මව්පියන්ගේ නිවසට පැමිණ සිටින අතරතුර එම පැහැරගැනීම සිදුව තිබේ.

පුවත්

මාස 8ක් විභාග වූ වරායේ කළමනාකාර අධ්‍යක්ෂකගේ පෙත්සම යළිත් කැඳවන්න නියෝග

Published

on

By

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ තමන් එම තනතුරෙන් ඉවත් කිරීමට වරාය විෂය භාර අමාත්‍ය විජිත හේරත් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම අධිකාරියේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රභාත්. ජේ. මලවිගේ මහතා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙනවාද? නැද්ද? යන තීන්දුව ඊයේ (16) දින ප්‍රකාශ නොකළ අභියාචනාධිකරණය එම පෙත්සම යළි ජූලි මස 23 වැනිදා කැඳවන ලෙස ඊයේ (16) නියෝග කළේය.

එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන තීන්දුව සහ ඊට අදාළ අතුරු තහනම් නියෝග නිකුත් කරනවාද? නැද්ද? යන තීරණ ඊයේ පෙරවරුවේ අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල ඉදිරියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.

ඒ අනුව ඊයේ පෙරවරුවේ නඩුකරය කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් මහතා ප්‍රකාශ කළේ එම තීන්දුව ඊයේ දහවල් ප්‍රකාශයට පත් කරන බවයි. 

ඒ අනුව ඊයේ දහවල් එම නඩුකරය කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණ විනිසුරු පී. කුමාරන් රත්නම් මහතා ඉදිරියේය.

එහිදී අභියාචනාධිකරණ විනිසුරු කුමාරන් රත්නම් මහතා ප්‍රකාශ කළේ මෙම නඩුකරය තමන් ඉදිරියේ කැඳවන ලෙස අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරුවරයා විසින් නියම කර තිබෙන බවයි.

ඒ අනුව මෙම පෙත්සම යළි තමන් ඉදිරියේ කැඳවීමට දිනයක් නියම කරන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින් මෙම නඩුකරය මාස අටකට ආසන්න කාලයක් අධිකරණය හමුවේ විභාග වීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා කල් තැබුණු බව පෙන්වා දුන්නේය.

ඒ අනුව අදාළ පෙත්සම යළි ජූලි මස 23 වනදා කැඳවන ලෙස විනිසුරුවරයා නියම කළේය.

පෙත්සම්කරු කියා සිටින්නේ වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ තමන් 2024 වසරේ ඔක්තෝබර් මස 2 වනදා එවක වරාය විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතා විසින් එම තනතුරින් ඉවත් කරමින් ලිපියක් නිකුත් කළ බවත් පසුව එම තනතුරට ටී.කේ.ජී.එල්. හේමචන්ද්‍ර පත් කෙරුණු බවයි.

කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව නිසි පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව තමන්ව ඉවත් කිරීමට විෂය භාර අමාත්‍යවරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරු තමන්ව අදාළ තනතුරින් ඉවත් කිරීමට හේතු පැහැදිලි කිරීමක් සිදු නොකළ බවත් චෝදනා කර සිටි. 

ඒ අනුව තමන් එම තනතුරින් නෙරපීමට ගනු ලැබූ තීරණයක් නීතියට පටහැනි බවට තීන්දු කොට එය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඔහු අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

බ්‍රිතාන්‍යයේ රහස් බුද්ධි සේවයේ මුල් පුටුවට කතක්!

Published

on

By

ඉති­හා­සයේ පළ­මු­ව­රට බ්‍රිතාන්‍ය රහස් බුද්ධි සේවයේ ප්‍රධා­නියා ලෙස කාන්තා­වක් පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 

MI6 නමින් හඳු­න්වනු ලබන වසර 116ක දීර්ඝ ඉති­හා­ස­යක් හිමි එරට රහස් බුද්ධි සේවයේ නව ප්‍රධා­නියා ලෙස පත්කර ඇත්තේ බ්ලේස් මෙට්‍රි­වෙලි නමැති 47 හැවි­රිදි බුද්ධි නිල­ධා­රි­නි­යකි. 

වසර 1999 දී බ්‍රිතාන්‍ය රහස් බුද්ධි සේව­යට එක්වූ ඇය වර්ත­මා­නයේ තාක්ෂණ හා නවෝ­ත්පා­දන සම්බ­න්ධව කට­යුතු කර­මින් සිටින බවත්, වත්මන් ප්‍රධා­නියා වන ශ්‍රීමත් රිචඩ් මුවර් මේ වසර අග­භා­ග­යේදී ධුර­යෙන් සමු­ගැ­නී­මෙන් පසු එම තන­තු­රට ඇය පත්වනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

බ්‍රිතාන්‍ය රහස් බුද්ධි සේවයේ කාර්ය­භා­රය ඉති­හා­සයේ පෙර නොවූ විරූ තරම් වැද­ගත් වූ අව­ස්ථා­වක ඇගේ පත්වීම ඓති­හා­සික බව අග­මැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ප්‍රකාශ කළ බව ද වාර්තා වේ. 

බ්‍රිතා­න්‍යයේ ජාතික ආර­ක්ෂා­වට සහ එරට ආර්ථික පැවැ­ත්මට සහාය වීම සඳහා විදේශ රට­ව­ලින් බුද්ධි තොර­තුරු එක්රැස් කිරීම බ්‍රිතාන්‍ය රහස් බුද්ධි සේවයේ ප්‍රධාන කාර්ය­භා­රය බව ද වාර්තා වේ.

Continue Reading

පුවත්

ඊශ්‍රායලයේ රැකියා සඳහා ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව නවතී

Published

on

By

ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව නතරකර ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුධමය වාතාවරණය හේතුවෙන් මෙම තීරණය ගත් බව කොළඹ අද (16) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගත් බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පෙන්වා දුනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා,

“විදේශ රැකියා සඳහා ඊශ්‍රායලයට යන එක තාවකාලිකව අත්හිටුවලා තියෙන්නේ. මේ පවතින තත්ත්වය එක්ක ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ අපිට යම්කිසි තීරණයක් ගන්න පුළුවන් වේවී. විශේෂයෙන් ඊශ්‍රායල්වලත් ඉරාන්වලත් ඉන්න අපගේ ජනතාවට අපි කියන්න කැමතී තානාපති කාර්යාලයත් එක්ක සම්බන්ධතා පවත්වාගෙන යන්න. අවශ්‍ය දුරකථ අංක අපි ලබාදීලා තියෙනවා. ගැටලුකාරී තත්ත්වයක් තියෙනවානම් අපි එක්ක ඒ සම්බන්ධය හදාගන්න පුළුවන් කිසිම බාධාවක් නැහැ. අපේ ප්‍රමුඛත්වය අපේ පුරවැසියන්ගේ ආරක්ෂාව.”

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved