පුලස්තිගම ප්‍රදේශයේදී බිරිඳ විසින් තම ස්වාමිපුරුෂයාට පිහියකින් ඇන ඝාතනය කර තිබේ.
එසේ මියගොස් ඇත්තේ, 29 හැවිරිදි පුලස්තිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු හා බිරිඳ ඊයේ (09) දිවා කාලයේ සිට පවුල් ආරවුලක් මත එකිනෙකා අතර පහරදීම් හා බැන වැඳීම් සිදුව ඇති බවත්, ඒ අතරතුර බිරිඳ විසින් මරණකරුගේ පසු ප්‍රදේශයට පිහියකින් ඇන ඇති බව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිසිය පැවසීය.
ඝාතනය සිදුකළ සැකකාර බිරිඳ ද තුවාල ලබා පුලස්තිගම රෝහලෙට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු සැකකාරිය ලබන 21 වනදා දක්වා රක්ෂික බන්ධාගාර ගත කර ඇති අතර, ඒ අනුව, සැකකාරිය පොලිස් ආරක්ෂාව යටතේ පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබයි.