පුවත්

බිරිය පෙන්නා මිනිසුන් කොල්ල කෑ සැමියා අල්ලයි!

Published

on

වීදි ගණිකාවක් ලෙස බිරිය පෙන්වා විවිධ පුද්ගලයන් රවටා පාලු ස්ථාන වලට රැගෙනගොස් කොල්ලකන සංවිධානත්මක සොර කල්ලියක සැමියා බිරිද ඇතුලුව සැකකාර හතරදෙනෙක් ඊයේ (25) මොරටුව මෝදරදී අත්අඩංගුවට ගත් බව එගොඩඋයන පොලිසිය කියයි.

ගෙළ බැඳි මාලය හා ජංගම දුරකථනය කොල්ලකෑ බවට ලැබුනු පැමිණිල්ලකට අනුව සැකකරුවෙක් ගෙන ප්‍රශ්න කිරීමේදී කොල්ලයට යොදා ගත් කාන්තාව වන කොල්ලකරුගේ බිරිදත්, මිතුරාත් මිතුරාගේ මවත් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

රාත්‍රි කාලයේ එගොඩ උයන ප්‍රධාන මාර්ගය අසල බිරිය රදවා සිට ලිංගික පහස සොයා පැමිනෙන පුද්ලයන් සමග ඇය පාලු ස්ථානයකට ගියපසු එතැනදී තියුණු ආයුධ පෙන්නා කොල්ලකෑම සිදු කරන බවට තොරතුරු හෙලි වී ඇතැයි පොලිසිය පවසයි.

එසේ පැහැරගන්නා වටිනා රන් බඩු එක් සැකකරුවකුගේ මව යොදවා උගසට තබා මුදල් ලබා ගැනිමට යෑමේදී ඇයවද අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.

මෙම මංපැහැරීම සම්බන්ධයෙන් මොරටු පොලිසියටද පැමිණිලි ලැබී ඇති බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අඹුසැමි යුවල සහ මිතුරා අයිස් භාවිතයට ඇබ්බැහි වු පුද්ලයන් බව සදහන්කරන පොලිසිය මහලු කත එක් සැකකරුවකුගේ මවක බව පොලිසිය පැවසීය.

වයස අවුරුදු 28,29, 60 යන වයසේ පසුවන්නන් වන බව සදහන් කරන පොලිසිය මොවුන් ජයගත්පුර ප්‍රදේශයේ කොල්ල කෑ ජංගම දුරකථනය සහ මුදල් පොලිස් බාරයට ගත් බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරටු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මූලාශ්‍රය – අද

Trending

Exit mobile version