මයික්‍රොසොෆ්ට් හි සම නිර්මාතෘ බිල් ගේට්ස් මහතා අද (16) දිනයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතාව හමුවී තිබේ.
මේ වසරේදී චීනයේ දේශ සීමා යළි විවෘත වීමෙන් අනතුරුව ප්‍රධාන පෙළේ ඇමෙරිකානු ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුම එරටට ගොස් තිබුණි.
ටෙස්ලා සමාගමේ ඊලොන් මස්ක්, ජේ පී මෝගන් හි ජේමි ඩයිමන් හා ඇපල් සමාගමේ ටිම් කුක් ඒ අතර සිටියි.
මෙම සති අන්තයේදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ද චීනයේ සංචාරයක නිරත වීමට නියමිතය.