Connect with us

පුවත්

බිලියන 2.3ක් ණය නවලෝකේ, ණය නොගෙවා බිලියන 1.3ක මැෂිමක් අරන්, HNB තැන්පත්කරුවෝත් අමාරුවේ

Published

on

නවලෝක මෙඩිකල් සෙන්ටර් පුද්ගලික සමාගම හැටන් නැෂනල් බැංකුවට (HNB) කෝටි 63ක අතිවිශාල ණයක් ගෙවීමට තිබියදී නවලෝක සමූහාය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 4.5ක වටිනාකමින් යුත් (රුපියල් බිලියන 1.33 කට ආසන්න) AI බලයෙන් ක්‍රියාත්මක MRI යන්ත්‍රයක් මිලදී ගත් බව පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් එම සමූහය පැවසීය.

නවලෝක සමූහයේ මේ තත්ත්වය හේතුවෙන් හැටන් නැෂනල් බැංකු (HNB) තැන්පත්කරුවන් බරපතල අවදානමකට ලක්ව සිටින බව පැවසේ.

අදාළ සමාගම මේ යන්ත්‍රය මිලදීගෙන ඇත්තේ හැටන් නැෂනල් බැංකුව ඇතුළු මහජන, ලංකා, DFCC හා කොමර්ෂල් වැනි දේශීය බැංකුවලට රුපියල් බිලියන 2.3කට ආසන්න මුදලක් ණය වී මාසිකව රුපියල් මිලියන 335කට වැඩි ණය වාරිකයක් ගෙවීමට තිබියදීය.

හැටන් නැෂනල් බැංකුවට ණය නොගෙවීම නිසා ඉකුත් වසරේදී එම බැංකුව විසින් කොළඹ ‌02 නව ලෝක රෝහල පිහිටි ඉඩම වෙන්දේසි කිරීම සඳහා ද අධිකරණ තීන්දුවක් ලබාගෙන වෙන්දේසියට නිවේදන ද නිකුත් කර තිබූ අතර පසුව නවලෝකය විසින් ඊට එරෙහිව අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබාගෙන එය අතුහිටුවා ගත්තේය. 

කෙසේවුවද මේවන විට ඊට අදාළ නඩුව අධිකරණයේ විභාග වෙමින් තිබේ.

නවලෝක රෝහල සතුව ඇඳන් 800ක පමණ විශාල ප්‍රතිකාර කිරීමේ ශක්තියක් ඇති බව පැවසේ.

එය සන්සන්දනාත්මකව බැලීමේදී ආසිරි රෝහල් සමූහයටම ඇත්තේ ද ඇඳන් 650කට ආසන්න ප්‍රමාණයක් බව සෞඛ්‍ය ප්‍රවීණයෝ පෙන්වාදෙති.

නවලෝක රෝහලේ වැඩි කොටස් අයිතිය ජයන්ත ධර්මදාස මහතා ප්‍රමුඛ ඔහුගේ පවුල සතු වේ.

එහි කොටස් හිමිකරුවන් හා අධ්‍යක්ෂවරුන්ගේ ලයිස්තුව පහත දැක්වේ.


මේ අතර, හැටන් නැෂනල් බැංකුව විසින් සොෆ්ලොජික් පීඑල්සී ආයතනයට ද විශාල වශයෙන් ණය ලබාදී ඇති බවත්, එම ආයතනය ජර්මන් ණයදෙන ආයතනවලින් ඩොලර් ණය ලබාගෙන තිබීම නිසා මේවන විට යම් මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි ද පැවසේ.

මේ තත්ත්වය හේතුවෙන් හැටන් නැෂනල් බැංකුවට අදාළ ණය මුදල් බොල් ණය ලෙස කපාහැරීමට සිදුවුවහොත් එහි මුදල් තැන්පත්කර ඇති තැන්පත් කරුවන්ගේ මුදල් ගෙවා ගැනීමට අපහසුතත්ත්වයක් උදාවී බැංකුව බිඳවැටීමේ අවදානයක් ඇති බවට ද ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

මෙවැනි විශාල ආයතන ණය ගෙවීම පැහැර හැරීම, බැංකු ණය පොලී අධිකවීම මෙන්ම සුළු ව්‍යාපාරිකයන්ට බැංකු ණය ලබා ගැනීමට ඇති ඉඩකඩ ඇහිරීයාමත්, බැංකුවලට සිය ණය ආපසු අයකර ගැනීමට ඇති පරාටේ නීතිය වැනි නීතිවලට සීමා පැනවීමත් සිදුවන බවද ඔවුහු කියති.

කෙසේවුවද, පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවනු ලැබුවේ එවකට සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ කැබිනට් මණ්ඩලය විසින් නවලෝක දේපළපවරා ගැනීමේ තීන්දුව අත්හිටුවමින් අභියාචකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින දෙකකට පෙරදීය.

සබැඳි පුවත්

පුවත්

ගල්කිස්සේ තරුණයෙකු ඝාතනයට පැමිණි පැදිකරු අත්අඩංගුවට

Published

on

By

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගල්කිස්ස, සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය අසලදී 19 හැවිරිදි තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ පැදිකරු ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ගල්කිස්ස පොලිස් ස්ථානය හා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරක් මත අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

අදාළ පුද්ගලයා හෝමාගම, මාකුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු වයස අවුරුදු 45ක් වන මාකුඹුර, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි. 

මේ අතර සැකකරුවන් අපරාධය සඳහා පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදියේ කොටස් හා ව්‍යාජ අංක තහඩු දෙකක්, සැකකරුගේ නිවස පිටුපස වල දමා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

එම සැකකරුවන් අවුරුදු 21 හා 32 වයස්වල පසුවන්නන් බව සඳහන් විය.

Continue Reading

පුවත්

බණ්ඩාරවෙල ලංගම බස් වර්ජනයක්

Published

on

By

බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ බස්රථ රියදුරෙකුට බීමත් මගියෙකු විසින් සිදුකළ පහරදීමක් මුල්කරගනිමින් එම ඩිපෝවේ බස්රථ ඩිපෝ භූමියට ගෙන්වා අද (17) වර්ජනයක් ආරම්භ කරඇත.

බණ්ඩාරවෙල සිට පල්ලෙවෙල දක්වා ගමන්ගන්නා රාත්‍රී අවසන් බස් රථයේ ඉකුත් 15වනදා බීමතින් අශෝබන ලෙස හැසිරී මගීන්ට හිරිහැර වන ලෙස කටයුතු කළ පුද්ගයෙකුට බස් රථයේ රියදුරු අවවාද කර තිබේ.

එහිදී රියදුරුට තර්ජනය කර බසයෙන් බැස ඇති අදාළ පුද්ගලයා, රියදුරා සේවය නිමකර නිවෙස බලා යමින් සිටියදී මග රැක යකඩ පොල්ලකින් පහරදී ඇත.

මේ වනවිට එම තුවාල ලැබූ රියදුරු බණ්ඩාරවෙල දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

එම පහරදීමෙන් පසු බණ්ඩාරවෙල පොලීසිය විසින් පල්ලේවෙල ප්‍රදේශයේ සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදී තිබේ.

පහරකෑමට ලක්වූ රියදුරා පවසන්නේ තමාට පොලීසියෙන් සහ බණ්ඩාරවෙල ඩිපෝව මගින් ද නිසි සාධාරණයක් ඉටු නොවූ බවය.

ඒ හේතුවෙන් අදාළ බලධාරීන්ට මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස බලකරමින් මෙම වර්ජනය ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

A/L වෘත්තීය විෂය ධාරවට අයැදුම්පත් කැඳවෙයි

Published

on

By

උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, මේ වසරේ සිට වෘත්තීය විෂය ධාරාව පාසල් 608 ක ක්‍රියාත්මක කෙරෙන බවය.

මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අපොස සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය සලකනු නොලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ සඳහා ඇතුළත්වීමට අපේක්ෂිත පාසලේ විදුහල්පතිට අයැදුම්පතක් යොමු කළ යුතුය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved