පුවත්

බීඩි කොළ කිලෝ 200ක් සමඟ පුද්ගලයෙක් නාවික හමුදා භාරයට

Published

on

බීඩි කොළ කිලෝග්‍රෑම් 288ක පමණ තොගයක් සමඟ සැකකරුවෙකු  කල්පිටිය කීරිමුන්දලම වෙරළ ප්‍රදේශයේ දී නාවික හමුදා භාරයට ගෙන ඇත.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය හා කල්පිටිය පොලිස් ස්ථානය එක්ව පෙරේදා (24) උදෑසන මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදුකර ඇත.

 එම වෙරළ ආසන්නයේ සැක සහිත නිවසක් පරික්‍ෂාවට ලක්කිරීමත් සමඟ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන පාර්සල් 09ක අසුරන ලද බීඩි කොළ සමඟ අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ සැකකරු හා බීඩි කොළ තොගය පිළිබඳ ඉදිරි නීතිමය කටයුතු කල්පිටිය පොලිස් ස්ථානය විසින් සිදු කරනු ලබයි.

(මුලාශ්‍රය – Navy.lk)

Trending

Exit mobile version