පුවත්

බූරු මූණා අත්අඩංගුවට

Published

on

මනුෂ්‍ය ඝාතන සහ අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි රවිඳු සංඛ ද සිල්වා නොහොත් ‘බූරු මූණා’ ව අද (17) අවිස්සාවේල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අවිස්සාවේල්ල අධිකරණ සංකීරණය අසල මාර්ගයේ මෝටර් රථයක් තුළ රැඳීසිටියදී අද දහවල් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
පසුගිය වසරේ දෙසැම්බර් මස 18දා හංවැල්ල ප්‍රදේශයේ ආපන ශාලාවක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙන අතර, මනුෂ්‍ය ඝාතන රැසක වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවටද වාර්තා වෙයි.

පසුගිය 24දා විදේශගතවීමට උත්සාහ කළ සැකකරු, කටුනායක ගුවන්තොටුපොළ පොලිස් භාරයට පත්කර තිබියදී සැකකරු සූක්ෂම ලෙස හිමිවරුන් දෙදෙනෙකුගේ උපකාරය ඇතිව පළාගොස් තිබුණි.

මෙම සැකකරුට නවතැන් පහසුකම් ලබා දුන් බවට හොරණ මිල්ලණිය ප්‍රදේශයේ අඹු සැමි යුවලක් ද පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.

Trending

Exit mobile version