පුවත්

බූරු මූණා පන්නගෙන ගිය සාධුලා මාට්ටු වෙයි !

Published

on

කටුනායක ගුවන්තොටුපල පොලීසියේ අත්අඩංගුවේ සිටියදී මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ අපරාධකරුවකු වන කෝරළේකම්කානම්ලාගේ රවිදු වර්ණසිංහ හෙවත් බූරු මූණා නැමැත්තා රැගෙන ගිය බව කියන හිමිවරුන් දෙදෙනා හා මෝටර් රථ රියදුරු හෙට්ටිපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය පවසයි.

සැකකාර හිමිවරුන් එම සිද්ධියට පැමිණි බව කියන මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙට්ටිපොල රිට්ටාදෙනිය විහාරස්ථානයක විහාරාධිපති හිමි නමක ඇතුළු තිදෙනෙකි.

වයස අවුරුදු 11ක සාමණේර හිමි නම ආරක්ෂාව සඳහා පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෝටර් රථය තුළ තිබී ඩුබායි බලා පලා යාම සඳහා පැමිණි සැකකරුට අයත් ගමන් මලු දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.

ඉකුත් දෙසැම්බර් 18 වැනිදා හංවැල්ල ප්‍රදේශයේ දී ආපන ශාලා හිමිකරුවකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හඳුනාගෙන සිටි සැකකරු ව්‍යාජ නමකින් විදේශ ගතවීමට සූදානමින් සිටින බවට පොලිසිය ලද තොරතුරක් අනුව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් විදේශ ගමන් තහනම් නියෝගයක් ආගමන විගමන පාලකවරයා වෙත ඉකුත් ජනවාරි 3 වැනිදා ලබාදී තිබිණි.

ඒ අනුව පසුගිය 24 වෙනි දින ඩුබායි බලා පිටත්ව යාම සඳහා පැමිණ සිටි සැකකරු ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන්තොටුපල පොලිසිය භාරයට ලබාදී තිබියදී එහි පැමිණි හිමිවරුන් දෙදෙනා පොලිස් භාරයේ සිටි සැකකරු මුදා ගෙන පලා ගොස් තිබිණි.

සබැඳි පුවත් :

Trending

Exit mobile version