පුවත්

බූස්ස බන්ධනාගාර රෝහලෙන් දුරකථන උපාංග තොගයක්

Published

on

බූස්ස ‍බන්ධනාගාර රෝහල් පරිශ්‍රයේ සහ බන්ධනාගාර පරිශ්‍රය තුළ තිබී දුරකථන උපාංග තොගයක් සොයාගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව බන්ධනාගාර රෝහල් භූමිය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී එම උපකරණ තොගය සොයාගෙන ඇති බව සඳහන්ය.

එහි දී බන්ධනාගාර රෝහළ තුළ හා බන්ධනාගාරය තුළ තිබී ජංගම දුරකථන චාජර් 05ක්, ඩේටා කේබල් 08ක් සොයාගෙන තිබේ.

සොයාගත් දුරකථන උපාංග තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කලේය.

Trending

Exit mobile version