පුවත්

බෙලිඅත්ත දුම්රියේ ටී56 උණ්ඩ 57ක්

Published

on

මරදානේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය කල දුම්රිය මැදිරියක අසුනක් යට බෑගයක තිබී ටී 56 වර්ගයේ ගිණිඅවි සදහා භාවිතා උණ්ඩ පුරවන ලද මැගසින් එකක් සහ ජීව උණ්ඩ 57 හමුවී ඇතැයි බෙලිඅත්ත පොලිසිය පවසයි.

මරදානෙන් අද  (29) උදෑසන 6.30ට පිටත්වූ දුම්රිය දහවල් 12.30 ට පමණ බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ලගාවී තිබේ.

දුම්රියේ පැමිණි ජනතාව පිටව ගිය පසු දුම්රිය ආරක්ෂක අංශයේ නිළධාරින් විසින් දුම්රිය පරීක්ෂා කිරීමේදී එහි තුන්වන පංතියේ මැදිරියක අසුනක් යට තිබී කලු පැහැති බෑගයක් හමුවී ඇති අතර  එම බෑගයේ තිබී උණ්ඩ පුරවන ලද මැගසිනය  සහ කලු පැහැති ප්ලාස්ටික් කෝප්පයක තිබී ජීව උණ්ඩ හමුවී ඇතැයි පොලිසිය පවසයි.

සැකකරුවන් කිසිවෙකු අත් අඩංගුවට ගෙන නැත.

තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර පෙත්තතන්ත්‍රි මහතාගේ උපදෙස් පරිදි බෙලිඅත්ත පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි.

(ලංකාදීප)

Trending

Exit mobile version