Connect with us

පුවත්

බේරුවල ක්‍රයිම් OICගේ දත් කැඩුව අය 23දා තෙක් රිමාන්ඩ්

Published

on

බේරුවල පරණ කඩේ, ධීවර වරාය පාර ප්‍රදේශයේ පෙරේදා (09) රාත්‍රී ඇතිවූ නොසන්සුන්තාවක් පාලනය කිරීමට ගිය බේරුවල අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනකුට තුවාල සිදු කළ බව කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා ඊයේ (10) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ලබන 23දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මෙම පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වූ බේරුවල ධීවර සංගමයේ සභාපතිවරයා යැයි කියන අයකු සහ ඔහුගේ පුත්‍රයා ප්‍රදේශය අතහැර පලා ගොස් ඇති බවද වාර්තා වේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධිය වූ අවස්ථාවේ පොලීසියෙන් අහසට වෙඩි තබා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

මෙම පහරදීමෙන් තුවාල ලබා ඇත්තේ බේරුවල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මධුසංක (අවු. 36), පොලිස් සැරයන් (40588) උපුල් (අවු. 42) හා පොලිස් සැරයන් (53241) සිල්වා (අවු. 51) යන අයයි.

සැකකරුවන් පොලිස් නිලධාරීන්ට අතින් පයින් හා හෙල්මට්වලින් පහරදී ඇති අතර එම පහරදීමෙන් උප පොලිස් පරීක්ෂකවරයාගේ උඩ ඇන්දේ දත් දෙකක් කැඩී ගොස් ඇති බවත් සැරයන් සිල්වාගේ නිල ඇඳුම ඉරී සීරීම් තුවාල සිදු වී ඇති බවත් පොලීසිය කියයි. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලු දෙනා බේරුවල රේගුව පාර සහ ධීවර නිවාසවල පදිංචි වයස අවුරුදු 31ත් – 46ත් අතර වයස්වල පසුවන්නන් බව පොලීසිය කියයි.

පොලිස් නිලධාරීන් බේරුවල, මරදාන ප්‍රදේශයේදී වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගෙන ආපසු එමින් සිටියදී බේරුවල ධීවර වරාය අසල සිරිනිවාස මාවත ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් හා ලොරි රථයක් හේතුවෙන් මාර්ග තදබදයක් ඇති වී තිබූ බවට වාර්තා වෙයි. පොසොන් පොහොය නිමිත්තෙන් එම පිරිස ලොරි රථයකින් පාරේ කොඩිවැල් එල්ලමින් සිට ඇති බවත් එහිදී මාර්ගය ඉඩ දෙන ලෙසට පොලීසිය එම පිරිසට කියා ඇති බවත් වාර්තා විණි.

මෙහිදී උප පොලිස් පරීක්ෂකවරයා සහ ලොරි රථ රියැදුරු අතර බහින්බස්වීමක් සිදුවී ඇති බවත් එහිදී අසල සිටි පිරිසක් පොලීසිය සමඟ ගැටුමක් ඇති කරගත් බවත් කියැවෙයි.

එම පැමිණි පිරිස පොලීසියට හෙල්මට්වලින් පහරදී ඇති අතර එහිදී පොලීසිය එම පිරිස පාලනය කිරීමට උණ්ඩ දෙකකින් අහසට වෙඩි තබා ඇතැයි එහි ප්‍රදේශවාසියෙක් පැවසීය.

කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර, පොලිස් අධිකාරී රවිඳු සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ආර්. නවරත්න මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

මේ අතර, පොලීසිය මඟින් එහි සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කර ප්‍රදේශවාසීහු බේරුවල පොලීසිය ආසන්නයේ ඊයේ (10) විරෝධතා පුවරු අතැතිව විරෝධතාවයක ද නියැළී සිටියහ.

සබැඳි පුවත්

පුවත්

ශ්‍රීපාදයට යන පාරක් දින 10කට වැසේ

Published

on

By

ගිනිගත්හේන, දියගල හරහා නෝටන්බ්‍රිජ් සිට ශ්‍රීපාදය දක්වා ගමන්ගන්නා මාර්ගයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගය දින 10ක කාලයක් වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

පාලමක් ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන් එම මාර්ගයේ නව බේලි පාලමක් ඉදිකිරිමට මෙලෙස වසා තැබේ.

ඒ අනුව, අද (14) සිට ජුනි මස 24දා දක්වා දින 10ක් එම මාර්ගය වසා තැබෙනු ඇත.
මාර්ගය වසා තබන කාලය තුළ කොළඹ සිට එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කළුගල පොල්පිටිය ලක්ෂපාන හරහා නෝටන්බ්‍රිජ් මාර්ගය සහ හැටන් නෝටන්බ්‍රිජ් මාර්ගය භාවිතා කරන ලෙස නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දන්වා සිටියි.

අදාළ මාර්ගයේ ලොනැක් අට්ලිස් ප්‍රදේශයේ කැළණි ගඟට ජලය ගලා බසින ඇළ මාර්ගයක් හරහා ඉදිකර ඇති පාලම දැඩි ලෙස අබලන්ව තිබීම සහ එම පාලම මැදින් එක් කොටසක් ගිලා බැසීමේ අවධානමක් හේතුවෙන් මෙලෙස නව පාලමක් ඉදිකිරීමට සිදුව ඇත.

එම පාලම වසර 04ක් තිස්සේ දැඩි ලෙස අබලන්ව පවතින බවත්, පවතින වර්ෂාවත් සමග එය සම්පූර්ණයෙන්ම කඩාවැටීමේ අවධානමක් තිබෙන බවත් ප්‍රදේශවාසීන් පවසයි.

Continue Reading

පුවත්

අදත් වැහි

Published

on

By

අද (14) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනය සඳහා කාලගුණ නිවේදනය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවය. 

උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වීමට නියමිතය.

මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින්විට හමන පැ.කි.මී. 50 – 60ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද එම වාර්තාවේ දැක්වේ.
තද සුළංවලින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Continue Reading

පුවත්

යාපනේ නගරාධිපතිනී ITAK හි මදිවදනි, NPPය ඡන්ද නොදෙයි, මැදවච්චි උප සභාපතිකම පොහොට්ටුවට

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සියයට 50කට වැඩි බහුතර බලයක් කිසිදු දේශපාලන පක්ෂකයට හිමි නොවූ පළාත් පාලන ආයතනයක් ලෙස පැවැති මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට ඊයේ (13) ජාතික ජන බලවේගය සමත් විය.

උතුරුමැද පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මැදවච්චිය ප්‍රාදේශිය සභා පරිශ්‍රෙය්දී පැවැති එම රහස් ඡන්ද විමසීමේදී මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ජාතික ජන බලවේගයේ ධනපාලගේ විමලතුංග මහතාට දිනා ගනිද්දී එහි උපසභාපති ධූරය සඳහා පැවැති විවෘත ඡන්ද විමසීමේ ජය හිමිවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ රංගන සෝමදාස මහතාය.

සභිකයින් 21 දෙනෙකුගෙන් සමන්විත මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් සභිකයින් 10 දෙනෙකු තේරී පත් වූ අතර සෙසු දේශපාලන පක්ෂ කිහිපයකින් සභිකයින් 11 දෙනෙකු තේරී පත් විය.

මේ අතර, කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට සමගි ජන බලවේගය ඊයේ (13) සමත් විය.

ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ සභාපති ධූර අපේක්ෂකයා බහුතර ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගනිමින් ජයගෙන තිබේ.

මේ අතර යාපනය මහනගර සභාවේ බලය පිහිටු වීමට යාපනේ නගරාධිපතිනී මදිවදනි, මැදවච්චියේ උප සභාපති පොහොට්ටුවෙන් 

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සියයට 50කට වැඩි බහුතර බලයක් කිසිදු දේශපාලන පක්ෂකයට හිමි නොවූ පළාත් පාලන ආයතනයක් ලෙස පැවැති මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට ඊයේ (13) ජාතික ජන බලවේගය සමත් විය.

උතුරුමැද පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මැදවච්චිය ප්‍රාදේශිය සභා පරිශ්‍රෙය්දී පැවැති එම රහස් ඡන්ද විමසීමේදී මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ජාතික ජන බලවේගයේ ධනපාලගේ විමලතුංග මහතාට දිනා ගනිද්දී එහි උපසභාපති ධූරය සඳහා පැවැති විවෘත ඡන්ද විමසීමේ ජය හිමිවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ රංගන සෝමදාස මහතාය.

සභිකයින් 21 දෙනෙකුගෙන් සමන්විත මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් සභිකයින් 10 දෙනෙකු තේරී පත් වූ අතර සෙසු දේශපාලන පක්ෂ කිහිපයකින් සභිකයින් 11 දෙනෙකු තේරී පත් විය.

මේ අතර, කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට සමගි ජන බලවේගය ඊයේ (13) සමත් විය.

ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ සභාපති ධූර අපේක්ෂකයා බහුතර ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගනිමින් ජයගෙන තිබේ.

මේ අතර යාපනය මහනගර සභාවේ බලය පිහිටු වීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය (ITAK) සමත්ව තිබේ.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් එම්.ඒ සුමන්තිරන් මහතා පැවසුවේ පක්ෂයෙන් යාපනය මහනගර සභාවේ නගරාධිපතිනිය ලෙස විවේකානන්දරාජා මදිවදනි තේරී පත්ව ඇති බවයි.

නගරාධිපති ධුරය සඳහා පැවති ජන්දයේ දී ඇයට ඡන්ද 19ක් ලැබී තිබූ අතර, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ඊ.පී.ඩී.පී. පක්ෂවල ද සහාය ඇයට හිමිව තිබේ.

මේ අතර ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිට ඇති බවද පැවසේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved