පුවත්

බෝම්බ බියක් හේතුවෙන් ඉන්දීය ගුවන් යානයක් කටුනායකට බස්සයි!

Published

on

බෝම්බ බියක් හේතුවෙන් ඉන්දීය Vistra ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් මීට සුළු මොහොතකට පෙර කටුනායකු ගුවන් තොටුපල වෙත බස්සවා තිබේ.

එම ගුවන් යානය මුම්බායි සිට පියාසර කරමින් තිබියදී මෙසේ ගොඩ බස්වා ඇති බව ආරක්ෂක අංශ කියා සිටී. 

මේවන විට ගුවන් මගීන් ගුවන් යානයෙන් ඉවත් කරමින් සිටින බවද වාර්තා වේ.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ලන්ඩන් බලා පියාසර කරමින් තිබූ එම ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් මීට පෙර බෝම්බ බියක් හේතුවෙන් ජර්මනියේ ෆැරැන්ක්ෆර්ත් ගුවන් තොට වෙත බස්සවා තිබූ බවයි.

Trending

Exit mobile version