පුවත්

බොරලැස්ගමුවේ මිනී මැරුමක්

Published

on

බොරලැස්ගමුව  වේරහැර බෝධිරාජපුර දි ත්‍රී රෝද රථ රියදුරෙක් තවත් පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි බොරලැස්ගමුව පොලිසිය කියයි

සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි රේන්ද ගේ සුඩෙශ්පි ය රන්ජන ප්‍රනාන්දු  නමැති හතළිස් තුන් හැවිරිදි තිදරු පියෙකි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ඊයේ රාත්‍රී ඔහු පදිංචි නිවසට මදක් ඈතින් වූ බෝධිරාජපුර මාර්ගයේ රැඳී සිට දුරකථන ඇමතුමක් ලබා ගනිමින් සිටියදී  සැකකාර තීරෝද රථ රියැදුරු එම ස්ථානයට පැමිණ ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව පිහියෙන් ඇන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 තුවාල ලද පුද්ගලයා ඥාතීන් විසින්  කලුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව පැය දෙකකට පමණ පසු ඔහු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සැකකාර පුද්ගලයා ගේ බිරිද සමඟ පැවැත්වූ අනියම් සබඳතාවයක් මුල්කරගෙන  මෙම ඝාතනය සිදුවී ඇති බව  සැක කරන බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීමට බොරලැස්ගමුව පොලිසිය පරීක්ෂණ පවත්වයි .

Trending

Exit mobile version