Connect with us

පුවත්

බොරැල්ලේ පොලිසියට ෂාෆ්ටර්ගේ මිනීවලට ආරක්ෂාව දෙන්න වෙයි!

Published

on

ප්‍රකට ව්‍යාපාරිකයකුවු දිනේෂ් ෂාෆ්ටර් ගේ මළ සිරුර තැන්පත් කර ඇති බොරැල්ල සුසාන භූමියේ එම වල ආසන්නයට ගිනි අවි සහිත පොලිස් ආරක්ෂාවක් යොදවා ඇතැයි වාර්තා වේ.

බොරැල්ල පොලිසියේ නිලධාරීන් සිව් දෙනෙකු ඒ සඳහා යොදවා ඇති බව පැවසේ.

ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩ ගැනීමට අවශ්‍යව බව ඒ වෙනුවෙන් පත් කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පසුගිය 18 වැනිදා කළ ඉල්ලීමට අනුව මෙම ආරක්ෂාව ලබාදී ඇත.

මරණයට අදාළව හේතුව නිරීක්ෂණය කිරීම සඳහා මරණකරුගේ දේහය ගොඩගෙන පරීක්ෂාවට ලක් කළ යුතුව ඇති බැවින් ඒ සඳහා අවසර ලබාදෙන ලෙස පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය මහේස්ත්‍රාත් රජින්දා ජයසූරියගෙන් ඉල්ලා තිබිණි.

දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය සීය දිවි හානිකර ගැනීමක් ද ? ඝාතනයක්ද? යන්න තීරණයක් ගැනීම සඳහා පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වරයාට ඉකුත් පෙබරවාරි 17 නියෝග නිකුත් කළේය

ඒ අනුව ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක දිනේෂ් ෂාෆ්ටර් ගේ දේහය එළඹෙන බ්‍රහස්පතින්දා 25 ගොඩ ගැනීමට නියමිතව ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු වැඩිදුරටත් පැවසීය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved