පුවත්

බොරැල්ලේ වෙඩික්කරු අල්ලන්න පොලිසිය සහය ඉල්ලයි

Published

on

බොරැල්ල ලෙස්ලිරණගල මාවතේදී  ටී 56 අවියකින් වෙඩි තබා  පසුගිය 20 වෙනිදා පුද්ගලයෙකුව ඝාතනය කළ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය මහජන සහය පතයි.
 
පුෂ්පරාජ් විග්නේෂ්වරන් නැමති 27 හැවිරිදි එම සැකකරු ජම්පටාවීදිය, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
ඔහු වෘත්තියෙන් මාළු වෙළෙඳාමේ නිරතව සිටින පුද්ගලයෙකු බවත් දකුණු අතේ පහළ බාහුවේ වැලමිටට පහළින් අලියෙකුගේ මුහුණක රූපයක් ආකාරයෙන් කැටයමක් පච්චයක් කොටා ඇති බවත් පොලීසිය පවසයි.
 
ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස ද පොලීසිය ඉල්ලීමක් කරයි.
 
අධ්‍යක්ෂ කොළඹ අපරාධ කොට්ඨාසය – 071 859 1733
ස්ථානාධිපති කොළඹ අපරාධ කොට්ඨාසය – 071 85917335
ස්ථානාධිපති විමර්ශන ඒකකය – 071 8596503

Trending

Exit mobile version