පුවත්

බොරැල්ලේ වෙඩි තැබීමක්; කැලණියේ පුද්ගලයෙක් මරුට

Published

on

බොරැල්ල ලෙස්ලි රණගල මාවත දුම්රිය හරස් මාර්ගය අසලදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

වෙඩි වැදීමෙන් බරපත​ළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය. 

මියගොස් ඇත්තේ 53 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පාළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබේ.

Trending

Exit mobile version