පුවත්

බෝට්ටුවක් පෙරළීමෙන් කල්පිටියේ ධීවරයෙක් මරුට

Published

on

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද කල්පිටිය ප්‍රදේශයේදී බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

බෝට්ටුවේ සිටි තවත් ධීවරයින් දෙදෙනෙක් පිහිනා ගොඩට පැමිණීමට සමත්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කන්දකුලිය ප්‍රදේශයේ පදිංචි අජිත් චන්ද්‍ර කුමාර (35) නමැති අයෙකි.

මොවුන් අද (05) අලුයම මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගොස් ඇත්තේ රළු මුහුදු තත්ත්වයක් හා තද සුළං පිළිබඳව කාලගුණ දෙපාර්තමේන්තුවේ බලධාරීන් නාවික සහ ධීවර ප්‍රජාවට අනතුරු අඟවා තිබියදීය.

Trending

Exit mobile version